
රාජපක්ෂ රෙජිමය ඇතිකිරීමට සහාය දුන් හමුදා නිලධාරීන් පොහොට්ටුව වඩා ඒකරාශි වී සිටින බව පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරයා එම පක්ෂයේ තීන්දු ගැනීමේ බලය ඇත්තේ ප්රජාතන්ත්රවාදී ඡන්දයෙන් තේරී පත්වුනු මහජන නියෝජිතයන් අත නොවන බව අවධාරණය කරයි.
“අද පොහොට්ටුවට තියෙන අලූත් මුහුණු මොනවාද? විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් කණ්ඩායමක් පමණයි. පාර්ලිමේන්තුවේ ඝෝෂා කරන මන්ත්‍රිවරයකුගේ මුහුණක් එක්ක පොස්ටරයක්වත් තියෙනවාද? නෑ! ඔක්කොම ඉන්නේ විශ්‍රාම ගිය හමුදා නිලධාරීන්. රාජපක්ෂ රෙජිමය එදා ඇතිකරන්න සහය දුන්නු හමුදා නිලධාරීන් තමයි පොහොට්ටුවට එක්වී සිටින අලූත් මුහුණු. පාර්ලිමේන්තුවේ කෑ ගහන උදවිය මේ හමුදා නිලධාරීන්ගේ පඹයින් ගාණට පත් වෙලා.”
අගමැති රනිල් වික්‍රමසිංහ ඒ බව සදහන් කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධූරයේ වැඩ භාරගැනීමේ අවස්ථාවට 24 බ්‍රහස්පතින්දා එක්වෙමින් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.
“අපේ අය පාර්ලිමේන්තුවේ දී පක්ෂයේ නායකයන් ලෙස නැගිට අභිමානයෙන් කතා කරනවා. මේ අය එතන කෑ ගැසුවාට පක්ෂයේ තීරණ ගන්නේ කවුද? මොවුන්ගේ අරමුණ ජනතාව ප්‍රතික්ෂේප කළ රාජපක්ෂ රෙජිමය නැවත බලයට ගෙන ඒමයි”.
වර්තමානයේ එක්සත් ජාතික පක්ෂය සමග තරුණ ප්රජාතන්ත්රවාදී නායකත්වයක් සිටින බව පෙන්වා දෙන අගමැති රනිල් වික්‍රමසිංහ සදහන් කරන්නේ අනෙක් පැත්තෙන් ඒ අය සමග රාජපක්ෂ රෙජිමය සමග කටයුතු කොට විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් පිරිසක් සිටින බවයි.
“ඔවුන්ගෙන් ප්රජාතන්ත්රවාදය ආරක්ෂා වේවිද? ඔවුන් කරන්නේ කුමක්ද? එදා ලසන්ත වික්‍රමතුංග ඝාතනය වුණා. එක්නැලිගොඩ අතුරුදහන් වුණා,” අගමැතිවරයා එහිදී අවධාරණය කර තිබේ.
මාධ්‍යවේදීන්ගේ “බෙල්ල වටේ තොන්ඩුව”
මේ පිරිස වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදීන් ගණනාවකට ඔවුන් බලයට පැමිණයහොත් අතුරුදහන් වන්නට සිදුවන බවට අනතුරු අගවන අගමැති රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙන්නේ එය ඔවුන්ගේ පිළිවෙත බවයි.
“මා නැවත මතක් කළ යුතු නැහැ. තමන්ගේ බෙල්ල වටේ තමන්ම තොන්ඩුව දමා ගනිවි. මේ කාරණය හෙට පුවත්පත්වල පළ කරන්නේ නැහැ. මාධ්‍යයේ රූපවාහිනි පළ කරන්නේ නැහැ. එහි ප්‍රශ්නයක් නැහැ. අපේ පාක්ෂිකයන් එය මතක තබා ගන්න. නැවත හමුදා පාලනයක් ළඟා නොකිරීම අපේ අරමුණයි. ඔවුන් වෙනත් නමකින් කියන්නේ කුමක්ද යන්න තේරුම් ගත යුතුයි. ඔවුන්ගේ උත්සාහය නැවත රෙජිමයක් ඇතිකිරීමයි”.
එය රාජපක්ෂ රෙජිමය ලෙස හඳුන්වා දෙන අගමැති රනිල් වික්‍රමසිංහ ජනතාවට අවශ්‍ය ප්රජාතන්ත්රවාද? නො
“තරුණ පිරිස එක්ව අපේ පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවමින් සිටිනවා. තරුණයන්ට ඒ වගකීම භාරදී තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයද, ඒකාධිපතිවා