සංහිඳියා විරෝධී අභියෝග ජයගැනීම “ආණ්ඩුවට තනියම අමාරුයි”

සාමය සහ සංහිඳියාවට එරෙහිව ඇති අභියෝග ජයගැනීමට සියලූදෙනාම එක්විය යුතු අතර එය රජයකට හෝ තනි පුද්ගලයෙකුට කළ හැකි දෙයක් නොවන බව ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

 සංහිඳියාව යනු ආධ්‍යාත්මික දර්ශනයකි. අධ්‍යාත්මය සුවපත් නොවූ සමාජයක් තුළ එය ජයග්‍රහණය කරවීම අභියෝගකාරී වුව ද විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ඒ සඳහා උරදීම සියලූ දෙනාගේ වගකීමකි.

මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා මග පෙන්වීම ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ විසින් සිදුකරන බවයි එහි අධ්‍යක්‍ෂ ජනරාල් එම්.එස්. ජයසිංහ සදහන් කරන්නේ.

ඔහු ඒ බව සදහන් කර ඇත්තේ  සන්නද්ධ ගැටුම් වැලැක්වීම සඳහා වන ගෝලීය හවුල (GPPAC) නමැති සංවිධානය මගින් ජුනි කොළඹ දී සංවිධානය කළ සම්මන්ත්‍රණයක් අමතමිනි.

 සෑම ජාතියක්මසෑම ජනකොටසක්ම එකාවන්ව එකතු වී ජාති භේදආගම් භේද, කුල භේද ඇතුළු බෙදීම් නොමැතිව රටේ සමගිය සහ සියලුදෙනාගේම යහපැවැත්ම වෙනුවෙන්  ක්‍රියා කිරීම තමයි පළමුව වැදගත්  වන්නේ, යැයි අධ්‍යක්‍ෂ ජනරාල් වරයා එහිදී පවසා තිබේ.

 මෙම සම්මන්ත්‍රණයට සහභාගි වූ එක් විදෙස් නියෝජිතයෙකු  ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය විසින් පසුගියදා එළිදක්වනු ලැබූ සංහිඳියාව හා සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  අධ්‍යක්‍ෂ ජනරාල් වරයා  පවසා ඇත්තේ දශක තුනක් තිස්සේ පැවති අවිගත් ගැටුම ද ඇතුළුව දිගුකාලීනව පැවති සමාජ හා දේශපාලන අසහනයෙන් ශ්‍රී ලංකාවේ සියලූම පුරවැසියන්ගේ ජීවිතවලට,ගරුත්වයට හා ආරක්ෂාවට සිදුවූ පීඩාවහානිය හා විනාශය අති විශාල, බවයි.

එය​ සැලකිල්ලට ගනිමින්පසුගිය සිද්ධීන් නැවත සිදු නොවන බවට සහතික කිරීම හා සංහිඳියාව සඳහා අනාගතවාදී මුලාරම්භයන් තුළින් යන දෙ ආකාර වූ එළඹුමක් සහිත බහු පාර්ශ්වකාරී ක්‍රියාවලියක් සඳහා කැඳවුම් කරමින්ප්‍රජාතන්ත්‍රවාදයයහපාලනයභාෂාව හා සංස්කෘතික උරුමයට ඇති අයිතිය ද ඇතුළත්ව මානව හිමිකම්නීතියේ ආධිපත්‍යජාතික එක්සත් බව හා විවිධත්වය පිළිගන්නා ප්‍රජා සහජීවනය යන කරුණු මත මෙම සංහිඳියාව හා සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය  සකස් කර ඇති බව ද ඔහු පැවසු බව ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

Related posts

Comments are closed.

Top