ප්‍රජාතන්ත්‍රවාදය හැරයාම ගැන සම්මන්ත්‍රණයක් මාතරදී

ප්‍රජාතන්ත්‍රවාදයට සමු දෙමුද? තේමාව යටතේ සම්මන්ත්‍රණයක් මාතරදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

එය 2018 ජුනි මස 30 හවස 3 ට මාතර නුපේ සංස්කෘතික මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට නියමිතව ඇත.

නිදහසේ වේදිකාව සංවිධානය විසින් මෙම සම්මන්ත්‍රණය  සංවිධානය කරයි.

පුජ්‍ය දඹර අමිල හිමි, අමාත්‍ය මංගල සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන්, නව සම සමාජ පක්ෂයේ නායක  ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න,  මාධ්‍යවේදී අජිත් පැරකුම්, මානව හිමිකම් ක්‍රියාධර  පිලිප් දිසානායක, වමේ කේන්ද්‍රෙය් සම කැදවුම්කරු  චමීර පෙරේරා සහ මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ  එහි කථිකයන් ලෙස සහභාගී වීමට නියමිත බව සංවිධායකයෝ පවසති.

Related posts

Comments are closed.

Top