ඝාතනය කෙරුනු කම්කරු විරුවන් දෙදෙනකු සැමරේ

කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් කළ සටන් වලදී ශ්‍රී ලංකාවට නිදහස ලැබීමට පෙරත් පසුත් පාලකයන් විසින් මරා දමනු ලැබූ  වෘත්තීය සමිති නායකයන් දෙදෙනකු සැමරීමට නව සම සමාජ පක්ෂය  කටයුතු යොදා ඇත.

ජූනි 28 වැනිදා සවස 4.30 ට රත්මලානේ විජිත සිනමා ශාලාව ඉදිරිපිට දුම්රිය සේවක සේවා සංගම් කාර්යාලයේදී  පැවැත්වෙන සම්මන්ත්‍රණයේදී සමරනු ලබන්නේ ජූනි මස 5 දාක මරා දමනු ලැබූ කන්දසාමි සහ සෝමපාල කම්කරු නායකයන් දෙදෙනායි.

බ්‍රිතාන්‍ය පාලන සමයේ දියත් කෙරුනු 1947 මහා වැඩ වර්ජනයට වෙනුවෙන් පැවැත්වුනු පෙළපාලියකට පොලිසිය විසින් වෙඩි තබා රජයේ ලිපිකරු සේවා සංගමයේ වේලුපිල්ලේ කන්දසාමි ඝාතනය කරන ලදී.

ජේ ආර් ජයවර්ධන පාලනය පැවති 1980 දී දියත් කෙරුනු මහා වැඩ වර්ජනයේ දී පවත්වන ලද පිකට් උද්ඝෝෂණයකට රජයේ මෙහෙයවීමෙන් එල්ල කෙරුනු මැර ප්‍රහාරයකින් ඩී සෝමපාල මරුමුවට පත්විය.

ඔවුන් සමරා පැවැත්වෙන  සම්මන්ත්‍රණය අමතන්නේ නව සම සමාජ පක්ෂයේ නායක  ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සහ ගත් කතුවර ගාමිණි වියන්ගොඩයි.

ඔවුන්ගේ සමරු දේශන “දෝෂාභියෝගයෙන් පසු ලාංකීය දේශපාලනය” යන තේමාව යටතේ පැවැත්වේ .

සම්මන්ත්‍රණයේ මුලසුන දරන්නේ  දුම්රිය සේවක සේවා සංගමයේ ලේකම් රෙජී ෆොන්සේකා ය.

Related posts

Comments are closed.

Top