කළු ජූලියට 35 යි: “දෙමළ අපේක්ෂාවට දකුණ සංවේදී නෑ” | VIDEO

 

තුන්දහසකට අධික දෙමළ ජනකායක් රාජ්‍ය අනුග්‍රහයෙන් මරා දමා තවත් දසදහස් ගණනක් උතුරට හා විදේශ රටවලට පලවා හළ කළු ජූලියෙන් තිස්පස් අවුරුද්දක් ගතවීත් ඔවුන්ගේ අවශ්‍යතා සම්බන්ධයෙන් සංවේදී නොවන බවට ආණ්ඩුවත්, දකුණේ ප්‍රභූ සිවිල් සමාජයත් වෘත්තීය සමිති නායකයකුගේ දෝෂ දර්ශනයට ලක්විය.

දෙමළ ජනතාවගේ අභිලාෂ සපුරා ලන යෝජනා ක්‍රියාත්මක කිරීම මග හැර තිබෙන ආණ්ඩුව ආරක්ෂා කරන බවට ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් වරයාගේ විවේචනයට සිවිල් සංවිධාන ලක් වුයේ කොළඹ පැවති විරෝධතාවකදීය.

“රනිල් මෛත්‍රී ආණ්ඩුව ජාත්‍යන්තරයෙන් ගලවා ගැනීමේ මුක්කු ගැහීමක් කරන,” බව ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් චෝදනා කළේය.

“මේ ආණ්ඩුවෙන් ව්‍යවස්ථාවක් එන්නේ නෑ. දේශපාලන විසඳුමක් එන්නේ නෑ. මේක හොඳට දැනගෙන ආණ්ඩුවේ නිලතල අරගෙන අපිටත් කියනවා එතෙන්ට වරෙන් කියලා”

දකුණට ඕනෑ කර තිබෙන්නේ “තමුන්ට ඕනෑ දෙමළා නිර්මාණය කරගන්න” යයි පැවසූ ජෝසප් ස්ටාලින්, “අපිට ඕනේ දෙමළා නිර්මාණය කරන්න වෙහෙස නොවී දෙමළ ජනතාවගේ අපේක්ෂා  හඳුනාගෙන ඒවා ඉටු කරන්නට මැදිහත් වෙමු,” යි ඉල්ලා සිටියේය.

1983 කළු ජූලි දෙමළ ජන ඝාතනය උතුරේත් දකුණේත් සමරනු ලැබුනි.

Related posts

Comments are closed.

Top