මන්නාරම සමුහ මිනීවල: ළමා සහ වැඩිහිටි සිරුරු එක ළඟ | VIDEO

එකිනෙකට ආසන්නයේ තිබෙන වැඩිහිටියකුගේ සහ දරුවකුගේ බව පෙනී යන ඇටසැකිලි දෙකක් මන්නාරම සතොස සමූහ මිනී වලෙන් මතුවී තිබේ.

එම ඇටසැකිලි පාදාගෙන ඇත්තේ කැනීම් සිදුකරන 43 වැනි දින උදෑසනය.

කැනීම් භාර විශේෂඥයන් පවසන්නේ ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර ලබා දිය හැකි වන්නේ වෝහාරික පරීක්ෂණ වලින් පසුව බවයි.

මේ වනවිට හැටකට ආසන්න පූර්ණ අස්ථි පද්ධති මන්නාරම සතොස සමූහ මිනීවලෙන් ගොඩගෙන තිබේ.

එයින් අඩුම වශයෙන් හතක් බාල දරුවන්ගේ බව පුරාවිද්‍යාඥ රාජ් සෝමදේව පවසයි.

මෙතෙක් හමුවී තිබෙන ඇටසැකිලි කාල නිර්ණය සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාවේ විද්‍යාගාරයක් වෙත යැවීමට උසාවි අවසරය ඉල්ලීමට ප්‍රධාන විමර්ශක වෛද්‍ය සමින්ද රාජපක්ෂ අපේක්ෂා කරයි.

කැනීම් වලින් හමුවූ අස්ථි කැබලි සමහරක තියුණු කැපීම් තුවාල දැකගත හැකිවූ බව කැනීම් කටයුතු කරන විශේෂඥයෝ පවසති.

මේ ගොඩගනු ලබන්නේ සැලසුම් සහගතව පැහැරගෙන ගොස් වධහිංසා පමුණුවා ඝාතනය කරන ලද්දවුන් ගේ සිරුරු බවට අතුරුදහන් වුවන්ගේ ඉරණම හෙළි කරගැනීම වෙනුවෙන් මැදිහත්වන සංවිධානයක් සැක පහල කරයි.

Related posts

Comments are closed.

Top