අතුරුදහන් කාර්යාලයේ වාර්තාව අද රාජ්‍ය නායකයන්ට, හෙට මාධ්‍යවේදීන්ට | VIDEO

ජනපති හා අගමැති අත පත්කරන ලද අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ පළමු නිර්දේශ මාලාව  හෙට දිනයේ ජනමාධ්‍ය වෙත නිකුත් කරන බව එම කාර්යාලයේ ප්‍රධානියා පවසයි.

ස්වකීය ඥාතීන් අතුරුදහන් කරනු ලැබීමෙන් පීඩාවට පත් දිවයින පුරා ජනතාව සහ සිවිල් සමාජ ක්‍රියාධරයන් ගේ අදහස් විමසා සකස් කරන ලද අතුරු නිර්දේශ රැගත් වාර්තාව 5 අඟහරුවාදා පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ‍්‍රයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ වෙත භාරදෙන ලද්දේ අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (OMP) සභාපති සාලිය පීරිස් විසිනි.

“අන්තර්කාලීන සහන මෙන්ම සත්‍යය හා යුක්තිය තහවුරු කරගැනීම වෙනුවෙන්ද  එහි නිර්දේශ අඩංගු වේ,” යි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රකාශයට පත් කර ඇත.

වාර්තාවේ අන්තර්ගතය පිළිබඳව කළ විමසීම් වලට පිළිතුරු දෙමින් ඔහු පවසා ඇත්තේ සමස්ත වාර්තාව හෙට දිනයේ (6)  මාධ්‍යවේදීන්ට ලබා දෙන බවයි.

Related posts

Comments are closed.

Top