බුදු පිළිම තියන්න ගිය මුලතිව් පුරාවිදු බිම උසාවියෙන් තහනම් වෙයි

දකුණේ කණ්ඩායමක් කැටුව ගිය භික්ෂුන් දෙනමක් බුදු පිළිමයක් වඩා හිඳුවීමට වීරිය කළ මුලතිව් පුරාවිද්‍යා රක්ෂිතයකට නිල බලයක් රහිත කිසිවකුත් ඇතුල් වීම අධිකරණය විසින් තහනම් කර ඇත.

මුලතිව් දිසා විනිසුරු එස් ලෙනින් කුමාර් එම නියෝගය දී ඇත්තේ සපුමල්තැන්න අරණ්‍ය සේනාසනාධිපති ගල්ගමුවේ සංඝබෝධි හිමියන් ප්‍රමුඛ පිරිසක් ප්‍රදේශවාසීන්ගේ විරෝධය මැද කුමුලමුනෙයිහි තන්නිමුරිප්පු වැව අසල කුරුන්දුර් කන්ද හෙවත් කුරුඳුමලේ මතට බුද්ධ ප්‍රතිමාවක් ගෙනයාමට තැත් කිරීම සමග 4 අඟහරුවාදා හටගත් උණුසුම් තත්වය සම්බන්ධයෙන් පොලිසිය විසින් අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුවය.

භික්ෂුන් වහන්සේ විසින් පොලිසියට ලේඛනයක් ඉදිරිපත් කරමින් පවසා තිබුනේ සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඩී එම් පියතිලක බණ්ඩා විසින් දෙන ලද අවසරයකින් තමන් කුරුඳුමලේ පුරාවිද්‍යා ස්ථානයේ නඩත්තු හා සංරක්ෂණ කටයුතු සඳහා පැමිණි බවයි.

ලේඛනයේ සත්‍යතාව පිළිබඳව පරීක්ෂණ පවත්වන ලෙස ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථානාධිපති ආර් එම් ජී බී රත්නායකට නියම කළ මුලතිව් දිසා විනිසුරුවරයා ලබන 13 දා පුරාවිද්‍යා බලධාරීන් උසාවි ගෙන්වන ලෙස නියෝග කළ බව ගගන මුලතිව් වාර්තාකරු පවසයි.

Related posts

Comments are closed.

Top