එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සාම දිනය සමරා ස්විට්සර්ලන්තයේ සෙන්ගාලන් නුවර පැවති උළෙලකට ශ්‍රී ලංකාවෙන් පිටුවහල් වී දිවි ගෙවන දෙමළ හා සිංහල පිරිස්ද එක්ව තිබේ.
තමන් පලවා හරිනු ලැබූ රටවල ප්රජාතන්ත්රවාදය තහවුරු කරන ලෙස ඉල්ලා සිටීම එම උළෙලේ ප්‍රධාන තේමාව වී තිබුනි.
සාමය හා සංහිඳියාව කතාවට පමණක් සීමා නොකොට දෙමළ සිංහල දෙ ජනකොටස ක්‍රියාවෙන්ම එක්ව සිටිනු දැකීම ගැන තමන් සන්තෝෂ වන බව ජේ ජෙයකුමාර් කියා සිටියේය.
පෙළපාලියට එක්වී සිටි අජිත් දසනායක ප්‍රකාශ කළේ ලෝකය පුරා පලවා හරිනු ලැබූ අයගේ අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් තමන්ද එක්වී සිටින බවයි.
පිටුවහල් වී දිවි ගෙවන්නට බල කොට තිබෙන විවිධ රටවල ජනතාව එක්වූ ජගත් සාම දින සමරුවේ වීදි නාට්‍ය, සංගීතාංග හා රැළියක් ද පැවති බව උළෙලට සහභාගී වී සිටි හිටපු BBC මාධ්‍යවේදී ඥානසිරි කොත්තිගොඩ ගගන හා පැවසීය
වීඩියෝ දායකත්වය: උදය ආර් තෙන්නකෝන්