
ඉන්දීය විද්වතුන්ට කරුනු දක්වන වෝහාරික විශේෂඥ සමින්ද රාජපක්ෂ
අසූපස් දිනකදී සිරුරු 175 ක් ගොඩ ගන්නා ලද මන්නාරම සතොස සමූහ මිනී වලෙන් තවත් ඇට සැකිලි මතු විය හැකි බව විමර්ශන කටයුතු සිදු කරන විශේෂඥයන්ගේ විශ්වාසයයි.
ශ්‍රී ලංකාවේ මෙතෙක් හමුවූ විශාලතම සමූහ මිනීවල වන මෙහි කැනීම් කටයුතු නිරීක්ෂණයට ඉන්දීය මානව හිමිකම් ක්‍රියාධරයන් පිරිසක්ද අධිකරණ අවසර ලබා පැමිණ තිබේ.
මුහුදු මට්ටම දක්වා මේතාක් කරන ලද කැනීම් වලින් හමුවී ඇති සිරුරු අතර දරුවන් 14 දෙනකුගේ ද අස්ථි තිබෙන බව විමර්ශන කටයුතු භාර ප්‍රධාන වෝහාරික විශේෂඥයා පවසයි.
පොලොවේ තවත් යටට වන්නට අස්ථි කොටස් හමුවීමේ ඉඩක් නැති බව ගගන හා කියා සිටි අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ, එසේ වෙතත් පැතිරුනු භූමි ප්‍රදේශයක් පුරා සිරුරු විසිරී ඇති බව ප්‍රකාශ කළේය.
මෙතෙක් හමුවූ ඇට සැකිලි කවර කාලයක ඒවා දැයි නිගමනයකට එළැඹ නැත.
කාබන් කාල නිර්ණ පරීක්ෂණයක් මගින් දින වකවානු තහවුරු කර ගැනීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා හි රසායනාගාරයක් වෙත අස්ථි සාම්පල යැවීමට ළඟදීම අධිකරණ අවසරය ලැබෙනු ඇති බවට වෝහාරික විශේෂඥයා අපේක්ෂා කරයි.
“මේ සතියේ හෝ ලබන සතියේ මුල අපට එම අවසරය ලැබේ යයි බලාපොරොත්තු වෙනවා,” යි වෛද්‍ය සමින්ද රාජපක්ෂ ගගන හා කියා සිටියේය.
එක් පාද අස්ථියක තිබී සොයාගන්නා ලද ලෝහයෙන් නිම කළ බවට සැක කෙරෙන මල කෑ වස්තුවක්ද රජයේ රස පරීක්ෂක වෙත යවා තිබේ.
මේ අතර, ඉන්දීය විද්වතුන් පිරිසක් මන්නාරම මහේස්ත්‍රාත් ටී. සරවනරාජ් ගේ අවසරය ලබා කැනීම් කටයුතු නිරීක්ෂණයේ යෙදුනු බව සිටි අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ කියා සිටියේය.
දකුණු ඉන්දියාව මුලස්ථාන කොටගත් පීපල්ස් වොච් මානව හිමිකම් සංවිධානය නියෝජනය කරන එම කණ්ඩායම මදුරාසි විශ්ව විද්‍යාලයේ දේශපාලන හා පොදු පරිපාලන අංශයේ ප්‍රධානී රාමු මනිවන්නන් ඇතුළු මහාචාර්යවරුන් පස් දෙනකු සහ නීතිවේදීන් දෙදෙනකුගෙන් සමන්විතය.
කැනීම් කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබඳව ඔවුන්ගේ ප්‍රසාදය පල වූ බව වෛද්‍ය රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේය.