විමල් වීරවංසට ඩෑන් ප්‍රියසාද් ගෙන් අභියෝගයක් | VIDEO

තමන් මුදල් වෙනුවෙන් ඔත්තු බලන බවට විමල් වීරවංස මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ බව පවසන සිංහල ජාතිකවාදී ක්‍රියාධරයෙක් එම චෝදනාව ඔප්පු කර පෙන්වන ලෙස අභියෝග කරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට සහභාගී වීම සඳහා ජිනීවා නුවරට ගොස් පැමිණි කණ්ඩායමක් පිළිගැනීම සඳහා ගුවන් තොටුපලට යාම නිසා තමන් එම චෝදනාවට ගොදුරු වූ බව ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් නඩු වැටී ඇති ඩෑන් ප්‍රියසාද් ප්‍රකාශ කර සිටී.

ජිනීවා සිට පැමිණි “අභීත රණවිරුවන් වෙනුවෙන් හඬ නැගූ වීරයන්” පිළිගැනීමට තමන්  “මල් මාලා සහ නැටුම් කණ්ඩායම්” රැගෙන ගියේ ඔවුන්ගේම ආරාධනයෙන් බව ඔහු හෙළි කළේ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනු කිරීමෙන් අනතුරුවය.

“අපිට ආරාධනා කළේ ජිනීවා ඉඳලා ආපු එක්තරා සහෝදරයෙක්,” යැයි ඩෑන් ප්‍රියසාද් මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

“අපි එහෙම ඔත්තු සපයලා මොකක් හරි කරනවානම්, ඇයි දෙයියනේ කියා කියා ඉන්නේ පෙන්නපියව්කෝ,” යි ඔහු විමල් වීරවංස මන්ත්‍රීවරයාට අභියෝග කළේය.

Related posts

Comments are closed.

Top