අගමැති ධුරයේ වැඩ බාර ගැනීමට ආ මහින්ද කතා නොකරම යයි | VIDEO

ශ්‍රී ලංකාවේ අගමැති කම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්වයක් මතුවී තිබෙන අවස්ථාවක ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ධුරයේ වැඩ භාර ගැනීමට ආ මහින්ද රාජපක්ෂ මාධ්‍යවේදීන් හෝ සුබ පැතීමට ආ ආධාරකරුවන් හමුවේ හෝ කිසිදු අදහසක් නොකියාම පිටව ගියේය.

කොළඹ 7 කුරුඳුවත්තේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ සර්වාගමික ආශිර්වාද මධ්‍යයේ වත් පිළිවෙත් ඉටුකළ හිටපු ජනාධිපතිවරයා පිටතට පැමිණ තමන් අමතන තුරු ආධාරකරුවන් සිය ගණනක් බලා සිටිනු දක්නට ලැබිනි.

කටයුතු හමාර වී එලියට පැමිණ ජනතාව අමතන බව ඔහුගේ ලේකම්වරයකු දැනුම් දුන්නත් ඉන් පැයකින් පමණ පිටතට පැමිණි පත්කළ අගමැතිවරයා අත වනා රැස්ව සිටි පිරිසට ආචාර කොට පිටව ගිය බව ගගන වාර්තාකරු පැවසීය.

පැමිණ සිටි පිරිස “අපේ අගමැතිතුමාට ජයවේවා”  යි හඬ නගමින් විසිර යනු දකින්නට ලැබුනි.

වීඩියෝව මෙතනින් 

 

Related posts

Comments are closed.

Top