එක්සත් ජාතික පක්ෂය අතහැර මහින්ද රාජපක්ෂ අගමැති වශයෙන් තහවුරු කිරීම සඳහා එක්වූ සිව් දෙනකුට අමාත්‍ය පදවි පිරිනමා තිබේ.
විජයදාස රාජපක්ෂ, වසන්ත සේනානායක, වඩිවේල් සුරේෂ් සහ ආනන්ද අලුත්ගමගේ ඒ හතරදෙනාය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ අමාත්‍ය වරුන් ලෙස දිවුරුම් දුන් දාහතර දෙනා මෙසේය.
මහින්ද රාජපක්ෂ – මුදල් හා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය
නිමල් සිරිපාල ද සිල්වා – ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය
ආචාර්ය සරත් අමුණුගම – විදේශ කටයුතු අමාත්‍ය
මහින්ද සමරසිංහ – වරාය හා නාවික කටයුතු අමාත්‍ය
මහින්ද අමරවීර – කෘෂිකර්ම අමාත්‍ය
රංජිත් සියඹලාපිටිය– විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය
විජයදාස රාජපක්ෂ– අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය
විජිත් විජයමුණි සොයිසා – ධීවර, සාගර සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික කටයුතු
ෆයිසර් මුස්තාෆා – පළාත් සභා, පළාත් පාලන හා කී‍්‍රඩා අමාත්‍ය
ඩග්ලස් දේවානන්ද – නැවත පදිංචිකිරීම්, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය
ආරුමුගම් තොණ්ඩමන් – උඩරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය
වසන්ත සේනානායක– සංචාරක සහ වනජීවි අමාත්‍ය
වඩිවෙල් සුරේෂ් – වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
නියෝජ්‍ය අමාත්‍යවරු
ආනන්ද අලුත්ගමගේ මහතා – සංචාරක සහ වනජීවි නියෝජ්‍ය අමාත්‍ය