රනිල් අගමැතිකමින් පැන්නීමට සජිත්-කරු සමග කළ රහස් කතා ජනපති එලි කරයි

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කොට එක්සත් ජාතික පක්ෂයේ වෙනත් නායකයකු එතැනට පත් කිරීම සඳහා මාස ගණනක් තිස්සේ කළ රහස් සාකච්ඡා ජනාධිපතිවරයා අද ප්‍රසිද්ධියට පත් කළේය.

මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ආණ්ඩුවකට සහාය ලබා ගැනීම පිණිස පාර්ලිමේන්තු වටරවුමේ පැවති මහජන රැළියක් අමතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළේ කරු ජයසුරිය සහ සජිත් ප්‍රේමදාස දෙදෙනාම අගමැති ධුරය ලබාගැනීම රනිල් වික්‍රමසිංහට බියේ ප්‍රතික්ෂේප කළ බවයි.

ජනපති සමග කළ සාකච්ඡා සම්බන්ධයෙන් කරු ජයසුරිය හෝ සජිත් ප්‍රේමදාස හෝ මේතාක් කිසිදු ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ කර නැත.

එජාපයෙන් අගමැතිවරයෙක් පත් කිරීමේ උත්සාහය වැරදී ගිය තැන ජනාධිපතිවරයාගේ තේරීම වී ඇත්තේ මහින්ද රාජපක්ෂයි.

ඔහු දේශීය න්‍යාය පත්‍රයකට කටයුතු කරන අයකු ලෙස හැඳින්වූ ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහගේ “විදේශීය ලිබරල් අන්තවාදී” න්‍යාය පත්‍රය මෙතැන් පටන් ප්‍රතික්ෂේප කරන බව දැඩි ලෙස කියා සිටියේය.

එජාප රජයේ තීන්දු ගැනීමේ ක්‍රියාවලිය වෛරක්කාරී ලෙසින් ජනාධිපතිවරයා විසින් හෙලා දකින ලද්දේ සමලිංගික විරෝධී ප්‍රකාශයකිනි.

රනිල් වික්‍රමසිංහගේ තීන්දු ගැනීමට සාකච්ඡා කළ පිරිස් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් හඳුන්වන ලද්දේ “සමනල කණ්ඩායමක්” ලෙසිනි.

Related posts

Comments are closed.

Top