මහින්ද අගමැති කිරීමට බහුතරය නැතිවී ජනපති මැතිසබය විසුරුවයි

අගමැතිකමට පත්කළ මහින්ද රාජපක්ෂ ගේ ධුරය අනුමත කරවා ගැනීම සඳහා බහුතරයක් නැතිබව ප්‍රකාශයට පත්වී පැය කීපයක් ගතවීමත් සමගම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැර තිබේ.

ඒ සමගම කිසිදා පාර්ලිමේන්තු නොගිය අගමැති ලෙස මහින්ද රාජපක්ෂ ඉතිහාස ගත වේ.

මීළඟ මහ මැතිවරණය ජනවාරි 5වැනිදා පැවැත්වෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත්කර තිබේ.

එහි දැක්වෙන පරිදි අලුත් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත 2019 ජනවාරි 17 දාය.

කෙහෙළිය රඹුක්වැල්ල කොළඹදී මාධ්‍යවේදීන් අමතා කියා තිබුනේ තම පාර්ශවයට ඇත්තේ මන්ත්‍රීවරුන් “104ක්, 105ක්” පමණක් බවයි.

නොවැම්බර් 14 දා රැස් කරන බව ප්‍රසිද්ධියට පත් කළ පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් හදිසියේ ම විසුරුවා හැරීම එක්සත් ජාතික පක්ෂයේත් දෙමළ ජාතික සන්ධානයේත් දැඩි හෙලා දැකීමට ලක්වී තිබේ.

“ජනාධිපති දිගටම කරමින් ඉන්නේ නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ ,” යි ගගන හා කියා සිටි එම් ඒ සුමන්දිරන් ඊට විරුද්ධව නීත්‍යානුකුලව පියවර ගන්නා බව ප්‍රකාශ කළේය.

“පාර්ලිමේන්තු බහුතරයක් නොමැති බල ලෝභී ජනාධිපති, ව්‍යවස්ථා විරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හරී,” යි මංගල සමරවීර නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

Related posts

Comments are closed.

Top