“පොලිස්පති පාර්ලිමේන්තුවට කැඳවන්න” සරත් ෆොන්සේකා | VIDEO

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයකට තමන් සම්බන්ධ බවට ජනාධිපතිවරයා කරන චෝදනාව සම්බන්ධයෙන් විභාග කිරීම සඳහා පොලිස්  ප්‍රධානියා පාර්ලිමේන්තුවට කැඳවන ලෙස ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කතානායකවරයාගේ ඉල්ලා සිටී.

සති අන්තයේදී විදේශ මාධ්‍යවේදීන් හමුවූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටියේ ඔහු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයකට සම්බන්ධ සරත් ෆොන්සේකා අගමැති කිරීමට කිසිදු කැමැත්තක් නැති බවයි.

“ඔබතුමා පැය 48ක් වැනි කාලයක් තුළ පොලිස්පති පාර්ලිමේන්තුවට කැඳවන්න,” යි සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා කතානායක කරු ජයසුරියගෙන් ඉල්ලා සිටියේය.

“එක්කෝ මාව කූඩුවට දාන්න කියන්න. නැත්නම් මේ චෝදනාව ගැන ක්‍රියාත්මක වෙන්න කියන්න.”

අගමැති වීමේ හීනයක් තමන්ට “කවදාවත් තිබිලා නෑ,” යි ද හිටපු හමුදාපතිවරයා පාර්ලිමේන්තුව අමතා පැවසීය.

ජනාධිපතිවරයා විසින් අගමැති ධුරයට මහින්ද රාජපක්ෂ පත් කිරීමත් සමග ආරම්භ වුනු දේශපාලන අර්බුදයට මාසයක්ව පිරෙන දින පාර්ලිමේන්තුව  රැස්වූයේ රාජපක්ෂ වාදී මන්ත්‍රීවරුන් දෙවැනි දිනයටත්  සභාව වර්ජනය කර තිබියදීය.

“ආණ්ඩුව කියාගන්න අය පාර්ලිමේන්තුව වර්ජනය කරනවා,” යි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම කියා සිටියේ රාජපක්ෂවාදී මන්ත්‍රීවරුන් සභාවට නොපැමිණියත් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුල සිටි බවයි.

එම කණ්ඩායමට “එක ඡන්දයක් හෝ වැඩිපුර” බහුතර බලයක් තිබේ නම් පාර්ලිමේන්තුව වර්ජනය නොකරන බවද   අජිත් පෙරේරා මන්ත්‍රීවරයා

ශ්‍රී ලංකාව මුහුණ පා සිටින අරාජික තත්වය හමාර කිරීම සඳහානීත්‍යානුකුල ආණ්ඩුවක් පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් බලකර සිටින මෙන් අජිත් පෙරේරා මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.

Related posts

Comments are closed.

Top