ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධීයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාව සහ නීතිය උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීන්දු කරයි.

ධුරය හොබවන ශ්‍රී ලංකාවේ ජනාධිපති වරයකුගේ චර්යාවකට එරෙහිව අධිකරණය ක් විසින් දෙන ලද පළමු තීන්දුව ලෙස මෙය සැලකේ.

අගවිනිසුරු නලීන් පෙරේරාගේ නායකත්වයෙන් බුවනෙක අළුවිහාරේ, ‍ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෲ, විජිත් මලල්ගොඩ හා මෘදු ප්‍රනාන්දු එම තීන්දුවට එළැඹි විනිසුරු සත්කට්ටුවයි.
නොවැම්බර් 9 දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ගැසට් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ගොනු කරන ලද පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම තීරණය ප්‍රකාශයට පත් කළේය.

Comments are closed.

Top