තිරසාර සංවර්ධන සමුළුවට සහභාගිවීමට රාජ්‍ය නායකයින් නිව්යෝර්ක් නගරයට

UN-Headquarters_2137057b

එක්සත් ජාතීන්ගේ 70වන සැසිවාරයට සමගාමීව ලබන 25 වැනි දා ආරම්භවීමට ජාතීන්ගේ තිරසාර සංවර්ධන සමුළුවට සහභාගිවීම සඳහා ලොව පුරා රටවල්වල රාජ්‍ය නායකයින් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට පැමිණෙමින් සිටිති.

සමුළුවේ ආරම්භක දේශනය පැවැත්වීම සඳහා ඇති උතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේද ඇමෙරිකාවට පැමිණ ඇත. ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා විසින් පාප්වහන්සේ පිළිගනු ලැබූ අතර එතුමා ධවල මන්දිරයේද සංචාරයක නිරතවිය.

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ද ආරම්භක දිනයේදී මෙම සමුළුව ඇමතීමට නියමිත අතර ඔහු ඇතුළු ශ්‍රී ලාංකික දුත පිරිස හෙට රාත්‍රියේදී නිව්යෝර්ක් නගරයට පැමිණීමට නියමිතයි.

රටවල් 150ක රාජ්‍ය නායකයින් තිරසාර සංවර්ධන සමුළුවට සහභාහිවන අතර මේ හේතුවෙන් නිව්යෝර්ක් නගරය පුරා දැඩි ආරක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.

එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන සමුළුව පුර දින තුනක් මුලුල්ල්ලේ පැවැත්වේ . එහිදී වසර 2000 සිට 2015 දක්වා ක්‍රියාත්මක වූ තරසර සංවර්ධන ක්‍රියාදාමයන් ඇගයීමට ලක් කරන අතර ඉන් අනතුරුව 2030 දක්වා වූ ඉදිරි අවුරුදු 15 තුල ක්‍රියාත්මක කිරීමට නියමිත 2030 ක්‍රියා පටිපාටියට සාමාජික රටවල අනුමැතිය ගැනීමට නියමිතයි.

ඉන් අනතුරුව සැප්තැම්බර් 28 වැනිදා සිට 30 වැනිදා දක්වා රාජ්‍ය නායකයින් වාර්ෂිකව මුණ ගැහෙන සැසිවාරය ආරම්භවේ.

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙම සමුළුවේ දීර්ඝ දේශනයක් පැවැත්වීමට නියමිතයි.

හිෂාන් වැල්මිල්ල -ගගන- නිව්යෝර්ක්

Related posts

Comments are closed.

Top