ජනපති පැරදවූ උසාවි තීන්දුව උතුරේත් දකුණේත් සැමරේ | VIDEO

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් නිසි කලට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධී මෙන්ම නීති විරෝධී බවට ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණය විසින් තීන්දු කිරීම අලුත්කඩේඋසාවි සංකීර්ණය අවටත් දිවයිනේ ස්ථාන කිහිපයකම ඉහලින් සමරනු ලැබීය.

අගවිනිසුරු නලින් පෙරේරා ප්‍රමුඛ සත්කට්ටුවක් විසින් තීන්දුව දීමෙන් අනතුරුව අධිකරණයෙන් පිටතදී ආධාරකරුවන් ඇමතූ දොස්තර රාජිත සේනාරත්න කියා සිටියේ පාර්ලිමේන්තුව තනි පුද්ගලයකුට විසුරුවා හරිය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර ඇති බවයි.

 “මේවා තමයි තමුන්නාන්සෙයි මමයි එලියට බැහැලා ජනවාරි 8 ලබාගත් ජයග්‍රහණ,” යි මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් තමන් සමග ඉවත්වූ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට ඔහු අවධාරණය කර සිටියේය.

“තනි මිනිහෙකුට බෑ රට පාලනය කරන්න. තමුන්නාන්සේලාගේ නියෝජිතයෝ තමයි රට පාලනය කරන්නේ. නැතිව ජනාධිපතිවරයෙක් නෙවෙයි.”

ශ්‍රී ලංකාවේ අධිකරණයක් විසින් බලයේ සිටින ජනාධිපතිවරයකුට එරෙහිව මුල්ම වතාවට දුන් තීන්දුව එක්සත් ජාතික පාක්ෂිකයන් විසින් පුත්තලමේදී හා වවුනියාවේදී සමරන ආකාරය දක්වන වීඩියෝ දර්ශන අපේ වාර්තාකරුවන් විසින් රූපගත කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සැමරුම් කරුවන් විසින් ප්‍රශංසාවට ලක් කරන ලද්දේ ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් සහ අධිකරණ ස්වාධීනත්වය විදහා දක්වන්නක් ලෙසිනි.

Related posts

Comments are closed.

Top