නොදෙන බව කී රනිල්ට අගමැති වීමට ඉරිදා එන ලෙස ජනපති ආරාධනා

Ranil Wickremesinghe and Sajith Premadasa

ශ්‍රීලංකාවේ අගමැති ධුරයේ වැඩ භාර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ආරාධනා කර ඇත.

ව්‍යවස්ථා විරෝධී ආකාරයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහින්ද රාජපක්ෂ අගමැති ලෙස නම් කිරීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ  කිසිසේත් අගමැති ධුරයේ පිහිටුවන්නේ නැති බව කී ජනාධිපතිවරයා මෙසේ පසුබා ඇත්තේ අධිකරණය මෙන්ම පාර්ලිමේන්තුවද ඔහුගේ ක්‍රියාකලාපය දෝෂ සහගත බව පෙන්වා දීමෙන් පසුවයි.    

කිසිසේත්රනිල් වික්‍රමසිංහට අගමැති ධුරය ලබා නොදෙන බව පුන පුනා ප්‍රකාශ කළ ජනාධිපතිවරයා 14 සිකුරාදා දුරකතනයෙන් අරලියගහ මන්දිරය අමතා එම ආරාධනය කරද්දී තමන් ඒ අසල සිටි  බව දොස්තර රාජිත සේනාරත්න ගගන හා කියා සිටියේය.

ඒ අනුව දෙසැම්බර් 16 ඉරිදා පෙරවරු දහයමාරට රනිල් වික්‍රමසිංහ පස් වැනි වතාවටත් ශ්‍රී ලංකාවේ අගමැති ලෙස ජනාධිපති කාර්යාංශයේ දී දිවුරුම් දෙනු ඇත.

ඔහුගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවක කොටස්කරුවන් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් කැමැත්ත පල කොට තිබෙන බව ද දොස්තර සේනාරත්න වැඩි දුරටත් කියා සිටියේය.

එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක කටයුතු පිළිබඳව අරලිය ගහ මන්දිරයේ දිගටා සාකච්ඡා පැවැත්වෙන බව මේ අතර මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ගගන හා කියා සිටියේය

Related posts

Comments are closed.

Top