‘විසඳුම ජාත්‍යන්තර පරීක්ෂණයක් පමණයි’ අධිනීතිඥ කුමාරගේ

 Vanni civillian

යුද සමයේදී ශ්‍රි ලංකා රජය මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් හමුදා මෙහෙයුම් සිදු කළ බවට නැගෙන චෝදනා පිළිබඳව ජාත්‍යන්තර අධිකරණයකින් කරුණු විමර්ශණය කිරිම වඩාත් විශ්වසනීය සහ පිළිගත හැකි මට්ටමේ එකක් යැයි මානව හිමිකම් පිලිබඳ ශ්‍රි ලංකාවේ මුල් පෙලේ නීතිවේදියකු  කියා සිටි.

යුද අපරාධ හෝ මානුෂීය අයිතීන් උල්ලංඝණය කළ බවට චෝදනා එල්ලවන කිසිදු රජයක්, ඒ සම්බන්ධව සිදුකෙරෙන අභ්‍යන්තර පරික්ෂණයකදි සාධාරණ සහ පිළිගත හැකි මට්ටමේ ආකාරයෙන් කටයුතු නොකරන්නේ යැයි කියා සිටින ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නිතිඥයෝ සංවිධානයේ සම කැඳවුම්කාර නිතිඥ චන්ද්‍රපාල කුමාරගේ, ඒ නිසාම එවැනි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුවීමට නම් ජාත්‍යන්තර ස්වාධීන පරික්ෂණයක් අත්‍යවශ්‍ය වන්නේ යැයි අවධාරණය කරයි.

Kumarage”මම හිතන්නේ මේ සම්බන්ධව වෙනත් විකල්පයක් නැහැ. කිසිම රජයක් කැමති නැහැ තමන්ගේ රට අභ්‍යන්තරයේ කෙරෙන පරික්ෂණයකින් සාධාරණය ඉටු කරන්න. හමුදාවේ අයව ආරක්ෂා කරන්න හැම ආණ්ඩුවකටම උවමනාව තියෙනවා. ඒනිසා කිසිම ආණ්ඩුවක් කැමති නැහැ මොන චෝදනාවන් එල්ල වුණත් හමුදාවට විරුද්ධව පරික්ෂණ පවත්වලා වැරදිකරුවන්ට දඬුවම් කරන්න,” නිතිඥ කුමාරගේ ගගන ට පැවසීය.

විශ්වසනීයත්වය 

හමුදා හෝ ආරක්ෂක අංශ වලට  එරෙහිව ඉතිහාසය පුරාම එල්ල වි තිබෙන බරපතල ආකාරයේ  මානව හිමිකම් උල්ලංඝණ සහ අපරාධ ආදිය සම්බන්ධ චෝදනා ගැන පිළිගත හැකි මට්ටමේ කිසිදු ආකාරයක පරික්ෂණයක් ශ්‍රි ලංකාවේ ආණ්ඩු විසින් සිදුකර තිබෙන්නේ දැයි ප්‍රශ්න කරන නිතිඥ කුමාරගේ  ඒ නිසාම සිදුකෙරෙතැයි පැවසෙන කවර හෝ දේශිය පරික්ෂණයකින්  අගතියට පත්වු පාර්ශවයන්ට විශ්වාසනීයත්වයක් ඇති කරන්නේ කෙසේ දැයි විමසා සිටි.

අනෙකුත් අපරාධ සම්බන්ධයෙන් කෙරෙන පරික්ෂණ සම්බන්ධයෙන් හෝ විශ්වාසය දිනා ගැනීමට  ආණ්ඩුව අසමත්ව ඇතැයි පවසන නිතිඥ කුමාරගේ සංහිඳියාව ඇති කිරිමට පෙර අපරාධකරුවන් කවුරුන් දැයි හඳුනා ගැනිම වැදගත් වන්නේ යැයි අවධාරණය කරයි.

එක්සත් ජාතීන්ගේ විමර්ශනයකින් හෙළිවූ ශ්‍රී ලංකාවේ යුද්ධයේ අපරාධ පිළිබඳව විභාග කිරීම රජයේ මෙහෙයැවීමෙන් යුත් අධිකරණයකට භාරදීම සඳහා වන යෝජනාවක් ජගත් මානව හිමිකම් කොමිසමේ විවාදය සඳහා එක්සත් ජනපදය මුල්වී මේ වනවිට සභා ගත කොට ඇත.

 

Related posts

Comments are closed.

Top