කාන්තාවන්, සුළු ජනකොටස් සහ කැරළිකාර කණ්ඩායම් වලට සෞදි අරාබිය සලකන ආකාරය ලෝකය පුරා මතබේදයට ලක්ව තිබිය දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ මුල් පුටුවකට මද පෙරදිග තෙල් දැවැන්තයා නම් කර තිබීම කෙරේ විරෝධය පලවී තිබේ.
ජගත් මානව හිමිකම් මණ්ඩලයේ පංච පුද්ගල විශේෂඥ මණ්ඩලයක ප්‍රධානියා ලෙසින් එක්සත් ජාතීන්ගේ සෞදි අරාබි තානාපති ෆයිසාල් බින් හසන් ත්‍රාඩ් පත් කිරීම ‘ ඉතාමත් නින්දිත ලෙස තෙල් මානව හිමිකම් පරාජය කිරීමක්’ බව යුනයිටඩ් නේෂන් වොච් (UNW) විධායක අධ්‍යක්ෂක හිලෙල් නුඑයර් (Hillel Neuer) පවසයි.
මිනිස් අයිතිවාසිකම් සදහා තෙල් තුරුම්පු කොට ගෙන ක්‍රියා කිරිම කණගාටුදායක බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන කමිටුවේ තනතුරකට සෞදිය නම් කිරිම සෞදියේ සිරගතව සිටින කැරලිකාර කණ්ඩායම් වල තුවාල වලට ලුණු වැක්කිරීමක් බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.
‘කිරීට මාණික්‍ය’
මානව හිමිකම් මණ්ඩලය මෙම ධුරය පිරිනමා ඇත්තේ අලුගෝසුවන් අට දෙනකු සඳහා ඉල්ලුම්පත් කැඳවා ටික දිනකිනි.
එම පත්වීම් මානව හිමිකම් මණ්ඩලයේ ‘කිරීට මාණික්‍ය’ සේ ගැනෙන බව UNW පවසයි.
සෞදි අරාබියට මානව හිමිකම් පිළිබද චෝදනා එල්ල වී තිබිය දී, සෞදියට සැනසිලි ත්‍යාගයක් හිමිව ඇති බව හිලෙල් නුඑයර් පවසා තිබේ.
සෞදි අරාබියේ ප්රජාතන්ත්රවාදී බ්ලොග් ලියන්නෙකු වන රයිෆ් බදාවි (Raif Badawi) සිරගත කිරීම මගින් සෞදි අරාබිය තුල බ්ලොග් ලියන්නන් හට කතා කිරිමේ නිදහස අහිමි වී ඇත.
ඝාතනයට කොල එළියක්
රයිෆ් බදාවි ගේ බිරිඳ වන එන්සාෆ් හයිදර් (Ensaf Haidar)විසින් සිය සැමියා නිදහස් කරගැනිමට ජාත්‍යන්තර වශයෙන් දැනුවත් කිරිමේ ව්‍යාපාර අරඹා තිබියදී මෙලෙස සෞදි අරාබියට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල තනතුරක් දීම ‘නැවත කසය අතට ගැනීම සඳහා වන කොල එළියක්’ බව ඇය පවසා තිබේ.
සැම සිකුරාදාම කස පහර පනහක් නියමවී ඇති රයිෆ් බදාවි නිදහස් කරගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර උද්ඝෝෂණයක් දියත් කර සිටින ජාත්‍යන්තර ක්ෂමා ආයතනය හෙවත් ඇම්නස්ටි ඉන්ටෙර්නැෂනල් පවසන්නේ සෞදි අරාබියේ හිස ගසා දැමීම් ඇතුළු මරණ දඬුවම් මේ වසරේ ‘අති ඝෝර ලෙසින්’ ඉහල ගොස් ඇති බවයි.
තවද, 2015 හියුමන් රයිට්ස් වොච් (HRW) වාර්තා වලට අනුව කාන්තාවන්ට සහ ආගමික සුළුතරයන්ට එරෙහිව කරනු ලබන වෙනස්කම් ද අසාධාරණ නඩු විභාග සහ බලධාරීන් විසින් සිය ගණනක ජනතාව අත්තනෝමතිකව රදවා තබා ගැනිම යන චෝදනා සෞදි අරාබියට එල්ල වී තිබේ.