‘මහින්දගේ වේෂ නිරුපණයට ඩොලර් 30,000යි’

 

පපපපපපපපපපපපපපපපප

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 2014 සැප්තැම්බර් මස ඇමරිකාවේ නිව් යෝක් නගරයේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 69 වන සැසිවාරයට සහභාගී වීම සදහා සිදු කරන ලද සංචාරයේදී ඔහුගේ වේෂ නිරූපන කටයුතු සදහා ඩොලර් 30,000 ක මුදලක් වැය කර ඇති බව හෙලිවී තිබේ.

මීට අමතරව ප්‍රධාන වෛද්‍යවරයා සදහා ඩොලර් 20,000 ක්ද, සහය වෛද්‍ය කණ්ඩායම සදහා ඩොලර් 50,00 ක්ද,ප්‍රධාන අරක්කැමියා සදහා ඩොලර් 20,000ක්ද, සහය අරක්කැමියන් ඩොලර් 30,000 ක්ද වියදම් කර ඇති බව ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.

ගෙවීම් සිදු කිරීම සදහා හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රී හා  ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් සජින් ද වාස්  ගුණවර්ධන විසින් 2014 අගෝස්තු 20 දින එවකට ජනාධිපති ලේකම් වරයා වෙත යවන ලද ලිපියක පිටපතක් ද එම වෙබ් අඩවියේ පල කොට ඇත.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 69 වැනි සැසියට නිව්යෝර්ක් යද්දී හිටපු ජනපති 69 වැනි වියේ පසුවිය.

Mahinda_Sajin

Related posts

Comments are closed.

Top