ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ කාන්තා අයිතීන් සුරැකීමට කැපවෙනවා – ජනාධිපති සිරිසේන

CP-IQeLUAAEdeQ8

ස්ත්‍රී පුරුෂ සමාජභාවයට මෙන්ම කාන්තා අයිතිවාසිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීමට වග බලා ගැනීම පිණිස ශ්‍රී ලංකා රජය වගකීම දරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කලේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුරේ දී පැවති ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ කාන්තා සවිබල ගැන්වීමේ රැස්වීමක් ඊයේ (27) ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර දී අමතමිනි.

” ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ කාන්තා සවි ගැන්වීම ට නැවත කැපවීමට මීට වඩා සුදුසු අන් වෙලාවක් නොමැත. ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ කාන්තා සවිගැන්වීම ලඟා කර ගැනීමට තවදුරටත් දැඩි උනන්දුවකින් සහ අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියා කිරීමට අපි කැප වෙමු ” යි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමුළුවට ප්‍රකශ කළේය.

හිෂාන් වැල්මිල්ල -ගගන-නිව්යෝර්ක්

 

Related posts

Comments are closed.

Top