සෞදි අරාබියේ සංචාරය නිරත වෙමින් සිටි මාලදිවයිනේ ජනාධිපති අබ්දුල් යමින් සහ ජනාධිපති ආර්යා ෆතිමාත් ඉබ්රහීම් සිය රටට 28 සදුදා පැමිණිමෙන් පසු ඔහුන් පදිංචි මන්දිරය පිහිටි දුපතට යාමට පිටත් වු අවස්ථාවේ ඔවුන් ගමන් ගත් අධිවේගී බෝට්ටුව පිපිරීමකට ලක් ව තිබේ.
එම පිපිරීමෙන් මාලදිවයිනේ ජනාධිපතිවරයාට අනතුරක් සිදු වී නොමැති අතර සුළු තුවාල ලබා ජනාධිපති ආර්යාව රෝහල් ගත කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
කෙසේ නමුත් ජනාධිපති ආරක්ෂකයෙක් ද තුවාල ලබා ඇතැයි වාර්තා වේ.