විද්‍යා පිළිබඳව CID යට යළිත් උසාවි නියෝග

punkuduthivu vithya

යාපනය පුන්කුඩුතිව්හිදී පැහැ‍රගෙන ගොස් සමුහ දූෂණය කොට ඝාතනය කළ සිවයෝගනාදන් විද්‍යා ශිෂ්‍යාවගේ නඩු විභාගයේ දී  ශිෂ්‍යාවගේ උපැස් යුවල සහ ජාන පරීක්ෂණ සිදු කරන ලෙස මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කොට තිබේ.

එම නියෝගය ලබා දී තිබුණේ 29 අගහරුවාදා යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විද්‍යාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් නවදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

පසුගිය අධිකරණ නඩු විභාගයෙන් නියෝග කොට තිබු ජාන පරීක්ෂණ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙවර ඉදිරිපත් නොකල හෙයින් එය ලබන නඩු විභාගයේ දී ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කලේය.

එම ශිෂ්‍යාවගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නිතීඥයා තමන්ගේ සේවාදායකයන්ට එරෙහිව ඇතැම් මාධ්‍ය සහ වෙබ් අඩවි ප්‍රචාරය කරන පුවත් හේතුවෙන් තම සේවාදායකයන්ගේ චරිත ඝාතනය වන බවත්,එයට එරෙහිව කටයුතු කරන ලෙස මහේස්ත්‍රාත් ගෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලිම ප්‍රතික්ෂේප කල මහේස්ත්‍රාත්වරයා එය පොලිසියට පැමිණිලි කරන ලෙසට උපදෙස් ලබා දී තිබේ.

මෙම නඩු විභාගය ලබන ඔක්තෝම්බර් 13 වැනි දා යලි කැදවීමට නියමිතය.

 

Related posts

Comments are closed.

Top