ශ්රී ලංකා ජනාධිපති මෛත්රිපාල සිරිසේන 30 බදාදා (අද) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල 70වන සැසිවාර විවාදය ඇමතීමට නියමිතයි. නිව්යෝර්ක් වේලාවෙන් පෙරවරු 9.45 ට පමණ ශ්රී ලංකා ජනාධිපතිවරයා සැසිවාරය අමතනු ඇත.
මෙවර 70වන මහා මණ්ඩල සැසිවාරයේ තේමාව වී ඇත්තේ සාමය, ආරක්ෂාව සහ මානව හිමිකම් ඉදිරි දැක්මයි.
ශ්රී ලංකා ජනාධිපතිවරයා මෙම තේමාව ඔස්සේ සැසිවාරය ඇමතීමට නියමිතයි.
ජනාධිපති පදවියට පත්වීමෙන් අනතුරුව මෛත්රිපාල සිරිසේන ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයක් අමතන ප්රථම අවස්ථාව මෙයයි.
සැසිවාරය ඇමතීමෙන් පසු ජනාධිපතිවරයා නේපාල අග්රාමාත්ය සුෂිල් කොඉරලා සමගද ද්විපාර්ෂික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පරිපාලන නිලධාරිනි හෙලන් ක්ලාක් අතර හමුවකටද අද දිනයේ ජනාධිපති එක්වීමට නියමිතයි.