රටේ ජීවත්වන සෑම දරුවෙක්ගේම ආරක්ෂාව පිළිබද වගකීමෙන් කොටසක් දෙමාපියන් පමණක් නොව පාලකයන්ද භාරගත යුතු බව හිටපු ජනාධිපතිවරයා පවසයි.
ඹක්තෝබර් පළවෙනිදාට යෙදී තිබෙන ජාත්‍යන්තර ලෝක ළමා දිනය වෙනුවෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මහින්ද රාජපක්ෂ පවසන්නේ සේයා සදෙව්මි දියණියගේ සහ සිවයෝගනාදන් විද්‍යා පාසල් සිසුවියගේ ඝාතන ඇතුලු පසුගිය දිනවල සිදු වු ළමා ඝාතන තමා තුල මහත් සංවේගයක් ඇති කළ බවයි.
රටේ දුවා දරුවන්ගේ සිත්වලින් පලවා හැරිය මරණ බිය යළිත් වෙනත් ආකාරයකින් දරු පරපුර වෙත උදාවී ඇති බව පවසන හිටපු ජනාධිපතිවරයා දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.