ලාංකික ලිංගික ශ්‍රමිකයෝ සංවිධානය වෙති

DSC0702

ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටිම සඳහා ශ්‍රී ලංකාවේ  සංවිධානයක් ගොඩ නැඟීම සම්බන්ධයෙන් මේ වන විට  මුලික කටයුතු සිදු කරමින් පවතින බව එම සංවිධානයේ ජාතික සංවිධායක  නීතිඥ සේනක පෙරේරා පවසයි.

ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සඳහා වූ මධ්‍යස්ථානය (center for sex workers rights) ලෙසින් එය නම් කිරීමට බලාපොරොත්තු වන අතර ඒ සම්බන්ධයෙන් වන මුලික වටයේ සාකචිඡාවක් 29 අගහරුවාදා මරදාන සමාජිය හා සාමයික කේන්ද්‍රෙය්දී පැවැත්වු බව  නීතිඥ සේනක පෙරේරා  ගගන ට පැවසීය.

මේ වන විට  ලිංගික ශ්‍රමිකයන් 40,000කට අධික පිරිසක් ලංකාව පුරා විසිරි සිටින බවට තොරතුරු හෙළිවී ඇති බවත් මෙසේ ලංකාව පුරා විසිරී සිටින ලිංගික ශ්‍රමිකයන්ගේ මෙන්ම සංක්‍රාන්තික ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් හා සුභසාධනය වෙනුවෙන් තම සංවිධානය ක්‍රියාත්මක වීමට බලාපොරොත්තු වන බවයි ඔහු පවසන්නේ.

ලංකාව තුල සිටින ලිංගික ශ්‍රමිකයන් අතරින්  බහුතරයක් තමන්ගේ අනන්‍යතාවය හෙලි දරව් කිරීමට අකමැති තත්වයක් පෙන්නුම් කළහොත් ඔවුන්ගේ රහසිගත භාවය ආරක්ෂා කිරීම වෙනුවෙන්ද කටයුතු කරන බව පවසයි.

දිරි ගැන්වීම 

ලිංගික ශ්‍රමිකයන් අතරින් වැඩි පිරිසක් මෙම වෘත්තියට යොමුව ඇත්තේ සමාජය තුල රැවටීම් වලට ලක්වීමෙන් පසුව බව පෙන්වා දෙන  එම සංවිධානය  ස්ව කැමැත්තෙන්ම යමිකිසි පිරිසක් මෙම වෘත්තියේ නියෙලෙන බවට  අවධාරණය කරයි.

මෙරට වෙසෙන ජනතාවගේ ගතානුගතික සිතුම් පැතුම් වලට අනුව තම උත්සාහය සාර්ථකකරගැනීම සදහා විශාල පරිශ්‍රමයක් දැරීමට සිදු වන බව පවසන ඔහු මෙම සංවිධානය ගොඩ නගන්නේ ලිංගික ශ්‍රමිකයන් දිරිගැන්වීම සදහා නොව  ලංකාව තුළ ලිංගික ශ්‍රමිකයන්ගේ  අයිතිවාසිකම් සඳහා කිසිඳු පිළිගැනීමක් නොවන බැවින්  ඔවුන් ඉතාම සංකීර්ණවූ ගැටළු සඳහා මුහුණ පාමින් සිටින නිසා එම පිරිසගේ සමාජ තත්වය ආරක්ෂා කරදීම  වෙනුවෙන් බව පවසයි.

මෙම සංවිධානයේ  මාධ්‍ය කැඳවුම්කරු ලෙස  නීතිඥ තුෂාර දස්කොන් ද සංවිධානයේ උපදේශක ලෙස නීතිඥ ලක්ෂාන් ඩයස් ද කටයුතු කරනු ලබයි.

 

 

Related posts

Comments are closed.

Top