සැප්තැම්බර් 25 දින සිට ‘පෝර්ට් සිටි‘ ඉදිකිරීම් භූමිය ආසන්න මුහුදු තීරයේ සිටි කිඹුලා අල්ලා ගැනීමට නාවික හමුදාව සහ පරිසරවේදීන් 05 සදුදා සමත් විය.
ගැට කිඹුලා සහ හැලි කිඹුලා වශයෙන් කිඹුල් විශේෂ දෙකක් ලංකාවේ සිටින අතර ගැට කිඔුලන් ලුණු මිශ්ර ජලයේ වැඩි වශයෙන් ජීවත්වන බව පරිසරවේදීන් පවසයි.
ගංගාවලින් වැලි ගොඩ දැමීම හේතුවෙන් තම වාසස්ථාන අහිමිව මේ වන විට කිඹුලන් කලපු ආශිතව වැඩි වශයෙන් ජීවත් වන බවක් පෙනෙන්නට ඇති බවද ඔවුන් පෙන්වා දේ.
අල්ලාගත් ගැට කිඔුලා මේ වන විට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තබා සිටින අතර දින කිහිපයකට පසුව ස්වාභාවික පරිසරය වෙත මුදා හැරීමට කටයුතු කරන බව පරිසරවේදී පුබුදු වීරරත්න ගගන ට පැවසීය.