මුස්ලිම් විරෝධී නීති සැමරීමට භික්ෂු සමුළුවක්

 

ST_20151005_NIMONK05GZHW_1734951

මියන්මාරයේ කාන්තාවන් සහ මුස්ලිම් ආගමිකයන්ගේ අයිතිවාසිකම් සීමා කෙරෙන නීති ඇතුලත් පනතක් එරට රජය විසින් සම්මත කර ගැනීමට සහය දැක්වීමට මියන්මාර ජාතික භික්ෂුන් විසින් විශාල රැලියක් පවත්වා තිබේ.

සිය පක්ෂයේ බලපෑමෙන් ජාතිය සහ ආගම රැක ගැනීම වෙනුවෙන් වූ පනතක් සම්මත කර ගැනීමට හැකියාව ලැබීම සැමරීම අරමුණු කරගෙන මෙම රැලිය පැවැත්වුන බවයි ‘මා බා තා’ හි සංවිධායකයෝ පවසන්නේ.

මියන්මාරයේ විශාලම වාණිජ නගරය වන යැන්ගුන් හි ක්‍රීඩාංගනයක 04 වැනි ඉරිදා පැවති රැලියට ‘මා බා තා’ සංවිධානයේ භික්ෂුන් සහ එම සංවිධානයට සහය දක්වන පුද්ගලයන් සිය ගණනක් රැස්ව සිටියහ.

ආගමික නොසන්සුන්තාව වර්ධනය වෙමින් පවතින මියන්මාරය එළඹෙන නොවැම්බර් අට වැනිදා නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සැරසෙන්නේ වසර විසි පහකට පසුවයි.

මුස්ලිම් විරෝධි නීති

Ashin Tilawkar Biwonsa, Ma Ba Tha's founder and chairman, addresses a celebration of the recent establishment of four controversial bills decried by rights groups as aimed at discriminating against the country's Muslim minority, at a rally in Yangon

මහ මැතිවරණය වෙනුවෙන් තරග වැදීමට ඉතා ශක්තිමත් ලෙස සංවිධානය වී සිටින ‘මා බා තා’ බෞද්ධ භික්ෂු පෙරමුණ සුළු ආගමිකයන්ට අසාධාරණයක් සිදු කරන මෙම නීති වලට සිය අකමැත්ත පළ කළ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පක්ෂය දැඩි ලෙස විවේචනයට ලක් කරයි.

රැලිය ඇමතූ ‘මා බා තා’ සංවිධානයේ නයනිස්සාර ජේෂ්ඨ භික්ෂූන් වහන්සේ ප්‍රකාශ කළේ අද දින වියග්‍රහණයක් ලෙස හැඳින්විය හැකි අතර සිය රට, ජාතිය සහ ආගම ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සිය සංවිධානය වසර ගණනාවක් දැරූ උත්සාහය සාර්ථක වීමක් ලෙස මෙය හැඳින්විය හැකි බවයි.

නීති කෙටුම්පත සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු මාසයේ අදහස් දැක්වූ නිව් යෝර්ක් හියුමන් රයිට් වොච් මානව හිමිකම් සංවිධානය කියා සිටියේ මෙම නීති රටේ සංහිඳියාවට බලපෑම් එල්ල කරන ඉතා භයානක රෙගුලාසි බවයි.

හියුමන් රයිට් වොච් වැඩි දුරටත් කියා සිටියේ මෙම නීති මගින් ආගම මුල් කරගෙන වෙනස් කම් සිදු කිරීමට හැකියාව උදා කරන අතර ඒ හේතුවෙන් ආගමික කණ්ඩායම් අතර ගැටුම් ඇතිවිය හැකි බවයි.

මියන්මාර පුරුෂයෙකුට එක භාර්යාවකට වඩා වැඩි ප්‍රමාණයක් සමග විවාහ වීම තහනම් කිරීම පනතේ ඇතුලත් එක් නීතියකි.

කෙසේ වෙතත් මෙම පනතේ මුස්ලිම් විරෝධි නීති ඇතුලත් බව පිළිගැනීම මියන්මාර රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Related posts

Comments are closed.

Top