දාහතර අවුරුද්දක් යුක්තිය ඉටු නොවූ ස්ත්‍රී දුෂණ දෙකක්

ON-MANNAR-ROAD

කල්ලි ගැසී දෙමළ අම්මාවරුන් දෙදෙනකු දුෂණය කිරීමේ චෝදනා ලබන ආරක්ෂක අංශ වල දොළොස් දෙනකු සම්බන්ධයෙන් නිතිය ක්‍රියාත්මක කිරීමට රජය දාහතර අවුරුද්දක් තිස්සේ පියවර නොගත් අයුරු උතුරු නැගෙනහිර කාන්තා සංවිධාන එකතුවක් විසින් හෙළි කොට තිබේ.

කාන්තා ක්‍රියාකාරී කමිටුව විසින් ජනමාධ්‍ය වෙත ලබාදී ඇති තොරතුරු අනුව 2001 මාර්තු 19 වැනිදා මන්නාරමේදී කල්ලි ගැසී තමන් දුෂණය කළ පොලිස් නිලධාරීන් තිදෙනකු සහ නාවිකයන් නව දෙනකු පීඩාවට පත් මව් වරුන් විසින් හඳුනාගෙන ඇත්තේ මරණයට ගොදුරු වීමේ අන්තරාය පවා තිබියදීය.

“සන්නද්ධ මිනිසුන්ට එරෙහිව නැගී සිට යුක්තිය ඉල්ලා සිටීම සුළු වාර්ගික කාන්තාවන්ට ලෙහෙසියෙන් කළ හැකි කාරියක් නොවන,” වග කාන්තා ක්‍රියාකාරී කමිටුව පෙන්වා දෙයි.

එසේ වෙතත්, හත් අවුරුද්දක් තිස්සේ කිසිදු නඩු ඇසීමක් සිදුවී නැත.

නඩු වෙනස් කිරීම 

2006 අග භාගයේදී එම නඩුව අනුරාධපුර මහාධිකරණයේදී විභාගයට ගන්නා ලද බව කාන්තා ක්‍රියාකාරී කමිටුව කියා සිටී.

චුදිත ආරක්ෂක අංශ සාමාජිකයන්ට එරෙහිව ස්ත්‍රී දුෂණ නඩු පැවරීම වැලක්වීමට එහිදී රජය මැදිහත්වී තිබේ.

කාන්තා ක්‍රියාකාරී කමිටුව පවසන පරිදි නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ ‘ස්ත්‍රී දුෂණ නඩුවක් පැවරීම අයුතු ප්‍රතිපල අත් කර දෙනු ඇති හෙයින් නඩු දෙකම එක් කොට වධ හිංසනය සම්බන්ධ තනි නඩුවක් පැවරීමට,’ යි.

පීඩාවට ලක්වූ එක් කාන්තාවක් අතුරුදහන් වීමෙන් අනතුරුව 2008 දී අභියාචනාධිකරණ නියෝගයකින් නඩු විභාගය  අත් හිටුවා තිබේ.

ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති තර්ජන හේතුවෙන් අනික් මවට සිදුවී ඇත්තේ  රට හැර පලා යාමටයි.

විශේෂ යාන්ත්‍රණයක් 

විශ්වමඩුවේදී දෙදරු මවක් දුෂණය කොට තවත් කාන්තාවකට ලිංගික අතවර කළ සොල්දාදුවන් හතර දෙනකුට පනවන ලද සිර දඬුවම සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින් නිකුත් කළ නිවේදනයක මේ තොරතුරු හෙළි කරමින් කාන්තා ක්‍රියාකාරී කමිටුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් ඉල්ලා තිබුනේ ලිංගික හිංසනය සම්බන්ධයෙන් කර ඇති සියලු පැමිණිලි විභාග කිරීමට විශේෂ යාන්ත්‍රණයක් ස්ථාපිත කොට ආරක්ෂක අංශ සාමාජිකයන් වරදට දඬුවම් නොලබා යාමේ පිළිවෙත අහෝසි කරන ලෙසයි.

 

Related posts

Comments are closed.

Top