හිටපු ජනපති අද බරපතල වංචා සෙවීමේ ජනාධිපති කොමිසමට

Mahinda R

හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම හමුවේ අද (15) පෙනී සිටිීමට නියමිතයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ස්වාධීන රූපවාහිණියෙන් විකාශනය වූ හිටපු ජනාධිපතිවරයාගේ දැන්වීම් සඳහා අයවිය යුතු රුපියල් මිලියන 200 කට අධික මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා හිටපු ජනාධිපතිවරයා මෙසේ කැඳවා තිබේ.

හිටපු ජනධිපතිවරයාට අමතරව හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ස්වාධීන රූපවාහිනීයේ හිටපු සභාපති අනුර සිරිවර්ධන ඇතුලූ එහි වර්තමාන කළමනාකරණ නිලධාරීන් කිහිපදෙනෙක්ද අද දිනයේදී කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.

Related posts

Comments are closed.

Top