හිටපු ජනපති විරෝධතා ඉවතට

mahinda

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළ බව බරපතළ වංචා සෙවීම පිළිබඳ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව පවසයි.

බරපතළ වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඊයේ (15) කැඳවා තිබුණි.

එහිදී මහාධිකරණ විනිසුරුවරුන් බරපතල වංචා සෙවීමේ ජනපති කොමිසමට පත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බව පවසමින් හිටපු ජනාධිපතිවරයාගේ නීතීඥවරුන් විරෝධතාවක් ගොනුකිරීම නිසා කොමිසමේ කටයුතු තාවකාලිකව කල් දැමීමට සිදුවිය.

එසේම කොමිසමේ සංයුතිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥයින් විරෝධතා ගොනු කළ අතර ඒ පිළිබඳ තීන්දුව අද (16) ලබාදීමට කොමිසම තීරණය කළේය.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටීම සඳහා පැමිණ ඇති අතර අදාළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් විමර්ශන ඉදිරියට පවත්වාගෙන යාමට තීරණය කළ බව කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මාධ්‍යට පැවසුවේය.

Related posts

Comments are closed.

Top