ජීනිවා මත විමසන සර්ව පාක්ෂික සමුළුව අද

Press Conference_1

ජිනීවා යෝජනා සම්බන්ධයෙන් රජය කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මත විමසීම සඳහා ජනාධිපතිවරයා කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුව අද (22) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දි පැවැත්වේ.

ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ඇතුලූ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 21 ක සහභාගීත්වයෙන් මෙම සර්ව පාක්ෂික දේශපාලන හමුව පැවැත්වීමට නියමිතයි.

මෙම සමුළුවට සහභාගි වීමට ඒකාබද්ධ විපක්ෂය ද තීරණය කර තිබේ .

මීට අමතරව, ජාතික හෙළ උරුමය, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය ද සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වන බව සඳහන් වේ .

සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ සභාපති, මහාචාර්ය තිස්ස විතාරණ, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සහ කම්කරු ජාතික පෙරමුණේ නායක පී. දිගම්බරන් යන අයද මේ සඳහා සහභාගිවීමට නියමිතයි.

එක් පක්ෂයකින් පක්ෂයේ මහ ලේකම් ඇතුලූ තිදෙනෙකුට මෙම සමුළුව සඳහා සහභාගිවීමට හැකියාව තිබේ.

Related posts

Comments are closed.

Top