නාමල්, දිලාන්  හා විමල් ගෙන් ප්‍රශ්න කිරීම පස්සට

 

Namal, dilan, Wimal

නාමල් රාජපක්ෂ, දිලාන් පෙරේරා හා විමල් වීරවංස යන එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් කල් දමා තිබේ.

හෙට දිනයේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට එන ලෙස රාජපක්ෂ සහ වීරවංස හිටපු  මන්ත්‍රීවරුන් කැඳවා තිබුණි.

mahindaඔවුන්ගේ ප්‍රකාශ සටහන් කිරීම කල් දමන ලද්දේ මැතිවරණ කොමසාරිස් වරයාගේ  උපදෙස් පරිදි  බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පැවසීය.

මැතිවරණ කොමසාරිස් වරයා ගගන ට කියා සිටියේ අගෝස්තු 10 වැනිදා පැවති හමුවකදී දේශපාලන පක්ෂ ලේකම්වරුන් හා නියෝජිතයන් සමග එළැඹි එකඟතාව අනුව මෙම උපදේශය දුන් බවයි.

“දණ්ඩ නීති සංග්‍රහය යටතේ එල්ලවී ඇති චෝදනා හැර අනෙක් චෝදනා සම්බන්ධයෙන් මැතිවරණ සමයේ අපේක්ෂකයන්ගෙන් කට උත්තර ගැනීම කල් දමන්නට එකඟතාවක් ඇති කර ගත්,” බව කොමසාරිස් මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළේය.

මැතිවරණ කොමසාරිස්වරයා උපදෙස් දී ඇති පරිදි මැතිවරණයෙන් පසු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට කැඳවන බව  බව ද පොලිස් ප්‍රකාශකයා  සඳහන් කළේ ය.

Related posts

Comments are closed.

Top