නායයෑමට වසරයි – අනාථ සිය ගණනක් තවමත් කඳවුරේ

koslanda_1

මීට වසරකට ඉහතදී කොස්ලන්ද , මීරියබැද්ද ප්‍රදේශයේ සිදුවු නායයෑමෙන් උන්හිටිතැන් අහිමි වූ පවුල් 91 ක ජනතාව තවමත් තාවකාලික කදවුරක ජීවත් වන බව වාර්තා වේ.

පසුගිය වසරේ ඔක්තෝබර් මස 29 වනදා උදෑසන කොස්ලන්ද, මීරියබැද්ද නායයෑම සිදුවූයේ ප්‍රදේශයට පැවති අධික වර්ෂාපතනය හේතුවෙන්.

එම නායයෑමෙන් ළමයින්ද ඇතුළුව 37 දෙනෙකුට මරු කැදවූ නමුත් මෙම නායයාමෙන් අනාථ  වූ  349 දෙනෙකු තවමත් සිටින්නේ පූනාගල මාකන්ද පැරණි තේ කර්මාන්ත ශාලාවේ තාවකාලික කදවුරක බව ගගන බදුල්ල වාර්තාකරු පවසයි.

ඔවුන්ට  දෙන බව කී  නිවාස  ලබාදීමට රජය මේ වන තෙක් පියවර ගෙන නොමැත.

download

මේ අතර  නායයාමෙන් මියගිය පුද්ගලයන් සිහි කරමින් අද(29 බ්‍රහස්පතින්දා) සර්ව ආගමික වතාවත් සිදු කෙරුනි.

පෞද්ගලික නිවාස වලට අමතරව රජයේ නිල නිවාස 2 ක්, කෝවිලක්, කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන 2 ක් සහ ප‍්‍රජා ශාලාවක්ද මෙම නාය යාමෙන් විනාශයට පත්විය.

 

Related posts

Comments are closed.

Top