‘මේක මානසික දඩුවම් කිරීමක්’මහින්ද – VIDEO

 

New Picture

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත  අද (29 බ්‍රහස්පතින්දා) පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පවසා සිටියේ ‘මේක මානසික දඩුවම් කිරීමක් කට උත්තර ගන්නවා කියන්නේ’ යනුවෙනි.

‘කලාකරුවන්, දොස්තරලා, ඉංජිනේරුවෝ, ව්‍යාපාරිකයෝ, යුද හමුදා නිලධාරීන්, යුද්ධය කළ හමුදා පතිවරුන්, ඔය සියල්ලම ගෙන්වලා තියනවා කටඋත්තර ගන්න’ යනුවෙන් ඔහු ජනමාධ්‍ය වේදීන් අමතා  වැඩි දුරටත් පැවසීය.

හිටපු ජනාධිපතිවරයා  බරපතල  වංචා, දුෂණ  විමර්ශන කිරීමේ ජනාධිපති කොමිසම වෙත කැදවා තිබුණේ ඉකුත් ජනාධිපතිවරණය සමයේ රාජ්‍ය නාලිකාවක ප‍්‍රචාරය කළ වෙළද දැන්වීම් වෙනුවෙන් මුදල් ගෙවීම පැහැර හළ බවට එල්ල වී ඇති චෝදනාව  සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාලව ප්‍රකාශ ලබා ගැනීම සදහායි.

 

ඉකුත් 15 වනදා සහ 16 වනදා ද මෙම විමර්ශනවලට අදාළව මහින්ද රාජපක්‍ෂ බරපතල  වංචා, දුෂණ  විමර්ශන කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේය.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රනි රංගන ශිල්පිනී උපේක්‍ෂා ස්වර්ණමාලී ද අද  පෙරවරුවේ මෙම කොමිෂන් සභාවට කැදවා තිබිණ.

ඒ, ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගමේ  මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් සදහායි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වංචා දූෂණ චෝදනා සම්බන්ධයෙන් කොමිසමෙන් සිදුකරන විභාගය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලිට අමතරව ප්‍රවීන ගායන සහ රංගන ශිල්පියකු වන බන්දුල විජේවීර හා රංගන ශිල්පිනී රුවන්ති මංගලා ද අද බරපතල වංචා දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී  සිටියේය.

 

Related posts

Comments are closed.

Top