ජිනීවා ගැන රජයේ උදව්වට සිවිල් සමාජ හවුලක්

New Picture (1)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමට රජයට සහාය දීම  සඳහා සිවිල් සංවිධාන සාකච්ඡාවක් පවත්වා තිබේ.

කොළඹ හෝටලයක දී 29 බ්‍රහස්පතින්දා පැවැත්වු මෙම සාකච්ඡාව සදහා විදේශ අමාත්‍ය මංගල සමරවීරද එක්ව සිටි බවයි එහි කැදවුම්කාර මණ්ඩල සාමාජික බ්‍රිටෝ ප්‍රනාන්දු ගගනට ප්‍රකාශ කළේ.

ජිනිවා යෝජනා ක්‍රියාත්මක කරවා ගැනීම වෙනුවෙන් පැවති මෙම සාකච්ඡාවට උතුර, දකුණ, සහ නැගෙනහිර පළාත් වල සිවිල් සංවිධාන නියෝජිතයන් සහභාගී වු බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

විදේශ අමාත්‍යවරයා බලාපොරොත්තු තැබිය හැකි යෝජනා මාලාවක් ඉදිරිපත් කළ නමුත් සෑම ආණ්ඩුවක්ම ඉදිරිපත් කරන යෝජනා එලෙසම ක්‍රියාත්මක නොකරන බවට ඔහු අවිශ්වාසය පල කළේය.

සත්‍ය සෙවීමටත්, යුක්තිය ඉටු කිරීමට හා හානි පුරණයටත්  නැවත සිදු නොවීමටත්  කටයුතු කරන බවට විදේශ අමාත්‍යවරයා මෙහිදී පොරොන්දු වී තිබේ.

කෙසේ නමුත් ආණ්ඩුව දැනට ඉදිරිපත් කර තිබෙන යෝජනා ඉදිරියට ගෙන යෑම සදහා සිවිල් සංවිධාන ලෙස මැදිහත් විය යුතු බව අවධාරණය කළේය.

ජගත් මානව හිමිකම් මණ්ඩලය විසින් සම්මත කොටගත් ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් නගා සිටුවීම,’ සඳහා වන යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ ජිනීවා සමුලුව පැවැත්වෙද්දීම වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන වල සහාය ඉල්ලා සිටි අතර යෝජනාවට මුහුණදීමට රජයට සහාය වන මෙන් ජනාධිපතිවරයා රටේ ප්‍රධාන විපක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයකින් ඉල්ලා සිටියේ පසුගිය සතියේය.

ඒ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීමට කිසිදු සහායක් නොදෙන ලෙසයි.

 

 

 

Related posts

Comments are closed.

Top