නවසීලන්ත රග්බි පිළේ විලියම්ස් ගේ “මනුස්සකම” ජගත් රග්බි සම්මේලනය අගයයි

01

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර පැවැති ලෝක කුසලාන රග්බි අවසන් තරගයේ දී ලෝක අවධානය දිනා ගත් සිදුවීමකට මුලපිරූ නවසීලන්ත රග්බි කණ්ඩායමේ සොනී ජගත් රග්බි සම්මේලනය විසින් නව පදක්කමක් ලබාදී තිබේ.

ඊට හේතුව වූයේ සොනී බිලි විලියම්ස් විසින් පසුගිය 31 වැනි සෙනසුරාදා පැවැති රග්බි ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසු ඔහු සොයා පැමිණි දරුවෙකුට සිය රන් පදක්කම පැළදවීමයි.

02

ජයග්‍රහණයෙන් පසු නවසීලන්ත කණඩායම ක්‍රීඩා පිටිය වටා නරඹන්නන්ට ආචාර දක්වමින් දිව යද්දී බිලි විලියම්ස් කරා පැමිණි චාර්ලි ලයින් නමැති දරුවා ආරක්ෂක නිලධාරියෙකු විසින් වැලක් වූ අතර එහිදී ඔහු බිම ඇද වැටුණි. වැදුණු දරුවා වෙත පැමිණි බිලි විලියම්ස් සිය රන් පදක්කම ඔහු වෙත පැළඳ විය.

03

මෙම සිදුවීම ලොව පුරා දැඩි අවධානයක් යොමු වූ අතර, ඔහුට අහිමි වූ පදක්කම වෙනුවට නව පදක්කමක් පිරිනැමීමට ලෝක රග්බි සංගමය ඊයේ (01) රාත්‍රියේ කටයුතු කළේය.

ඒ ලන්ඩනයේ පැවැති වාර්ෂික ලෝක රග්බි සම්මාන උළෙලේදීයි.

04

“ලෝක රග්බි සංගමය කැමති හැම දිනපු ක්‍රිඩකයෙකුම පදක්කමක් සමග ගෙදර යනවට කැමතියි” යනුවෙන් පවසමින් සොනීට නැවත අලුත් රන් පදක්කම පිරිනැමීමට ලෝක රග්බි සංගමය තීරණය කර තිබුණි.

මේ පිළිබදව සොනී බිලි විලියම්ස් සිය ස්තූතිය ද ඔහුගේ ට්විටර් ගිණුම හරහා ප්‍රකාශ කර තිබේ එහිදී සොනී බිලි විලියම්ස් මෙම වසරේ රග්බි ක්‍රීඩකයා ලෙසද මෙම සම්මාන රාත්‍රියේදී ඔහු සම්මානයට පාත්‍රවිය .

Related posts

Comments are closed.

Top