‘දෙමළ නොදන්නා ගොවිකම් සහායකයන්‘ ඡන්ද සමයේ උතුරට

උතුරූ පළාතේ ගොවිකම් පර්යේෂණ සහායකවරුන් ලෙස දෙමළ නොදන්නා නිලධාරීන් හෙට සිට පත්කර එවීමට විරෝධය පාමීන් ගොවි නියෝජිතයෝ යාපන නගරයේ උද්ඝෝෂණයක් පැවැත්වුහ.

ප්‍රාදේශීය කෘෂි පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානවලට පත්කොට ඇති නිලධාරීන්ගෙන් සාතිශය බහුතරයක්  සිංහල අය බවයි යාපනයේ දිසාපති එන් වේදනායගම් වෙත සංදේශයක් භාරදුන් උතුරු පළාතේ ගොවි නියෝජිතයන් ප්‍රකාශ කළේ.

යාපනය, කිලිනොච්චිය, මුලතිවු, වවුනියා සහ මන්නාරම දිස්ත්‍රික්ක වල සේවයේ යොදවා ඇති නිලධාරීන් 361 න් 332 ක් ම සිංහල නිලධාරීන් බව සංදේශයේ සඳහන් වේ.

ගොවි නියෝජිතයන් පවසන්නේ පර්යේෂණ සහායක විභාගය සඳහා යාපනය දිස්ත්‍රික්කයෙන් පෙනී සිටි 5000ක් අතරින්  29 දෙනකු පමණක් තෝරා ගැනීම අසාධාරණයක් බවයි.

දෙමළ හැර වෙනත් බසක් නොදන්නා තමන් හා කටයුතු කිරීමට දිවයිනේ අනිකුත් පළාත් වල සිංහල නිලධාරීන්ට පත්වීම් දී ඇත්තේ මැතිවරණ වාසි ලබා ගැනීමට යයි උතුරේ  ගොවි නියෝජිතයෝ චෝදනා කරති.

Related posts

Comments are closed.

Top