මාලදිවයින හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

maldives Police

මාලදිවයිනේ පවතින දේශපාලනික වියවුල්භාවය හේතු කරගනිමින් එරට ජනාධිපති අබ්දුල්ලා යමීන් විසින් විසින් අද (04) දින සිට 30ක් බලපැවැත්වෙන පරිදි හදිසි නීතිය ප්‍රකාශයට පත් කර ඇත.

මෙම තීරණය දැනුම් දෙමින් මාලදිවයින් අගවිනිසුරු මොහමඩ් අනිල් ප්‍රකාශ කර ඇත්තේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් පැන නැගී ඇති බැවින් ජාතික ආරක්ෂක මණ්ඩලයේ උපදෙස් මත මාලදිවයින් ජනාධිපතිවරයා මෙමෙ තීරණය ගෙන ඇති බවයි

ස්වදේශ කටයුතු අමාත්‍ය උමාර් නසීර් විසින් ද මේ බව විදෙස් මාධ්‍ය වෙත තහවුරු කර ඇත.

මේඅතර මාලදිවයින් ජනාධිපති අබ්දුල් යමීන් මහතා ගමන්ගත් අධිවේගී යාත්‍රාවට බෝම්බ තබා පුපුරුවා හැර ඔහුගේ ජීවිතය විනාශ කිරීමට උත්සාහ කළැයි කියන සිද්ධියට සම්බන්ධ බවට සැක ප්‍රධාන පෙළේ සැකකරුවකු බොරලැස්‌ගමුව නැදිමාලේ ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී ආගමන විගමන නිලධාරීන් සහ පොලිසිය විසින් පෙරේදා (01 වැනිදා) රාත්‍රි අත්අඩංගුවට ගත්තේය

මාලදිවයින් ජාතිකයකු වන අෂ්රොෆ් මොහොමඩ් නමැති සැකකරු සිය බිරිඳ සහ මව සමඟ නැදිමාලේ ප්‍රදේශයේ කුලී නිවසක පදිංචි වී සිටියේය .

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන මාලදිවයින් පොලිසියේ නිලධාරීන් පිරිසක්‌ සහ ආගමන විගමන නිලධාරීන් විසින් සැකකරු එදිනම රාත්‍රියේම මාලදිවයින බලා රැගෙන යාමට කටයුතු කළේය

මාලදිවයින් ජනාධිපති ඝාතනයට තැත් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් එරට උප ජනාධිපති අහමඩ් සදීප් අබ්දුල් ගµQර් මහතාද මීට ඉහතදී අත්අඩංගුවට ගෙන තිබිණි.

නැදිමාලේදී අත්අඩංගුවට ගත් සැකකරු උප ජනාධිපතිවරයාගේ සමීප මිතුරකු බවද හෙළිවී ඇත.

ඉකුත් සැප්තැම්බර් මස 28 වැනිදා මාලදිවයින් ජනාධිපතිවරයා අධිවේගී යාත්‍රාවකින් මාලේ අගනුවර දක්‌වා එමින් සිටියදී එම බෝම්බය පිපිරී ගොස්‌ තිබිණි.

Related posts

Comments are closed.

Top