මහින්ද ‘බහුජාතික සමාගම් බැලයෙක්’ වික‍්‍රමබාහු

Vickramabahu Karunaratne

මෙවර මැතිවරණයට මහින්ද රාජපක්ෂ ඉදිරිපත් වන්නේ බහු ජාතික සමාගම් වල බැලයෙක් ලෙස බව නව සමසමාජ නායකයා පවසයි.

රාජපක්ෂ පාලනය තුළ බහුජාතික සම්ගම් තන්ත‍්‍රයට වැඩි වාසි සහිත ගිවිසුම් අත්සන් කිරීම මීට හේතුව බවත් පාලකයා වෙනස්වීම නිසා තම ලාභ හා අනාගත වාසි නොලැබෙතැ’යි බියෙන් බහුජාතික සමාගම් විසින් විශාල ධනස්කන්ධයක් යොදවා නැවත වරක් මහින්ද රාජපක්ෂ බලයට ගෙනඒමේ උත්සාහයක යෙදී සිටින බව ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න අවධාරණය කරයි.

watareka vijitha thero

සිල්වත් මැර හමුදාව 

මෙවැනි වටපිටාවක් තුළ මහින්ද ‘තමන්ගේ පිටට තුවක්කුව තබා සිටින’ බහුජාතික සමාගම්වල බැලයෙක් බවට පත්ව ඇතිබව ඔහු සඳහන්කළේ  ‘මහින්ද එන්නේ මොකාටද, ඔහු පරාජය කළ යුත්තේ ඇයි?’  මැයෙන් සමගි බලවේගය සහ නිදහසේ වේදිකාව විසින් කොළඹ සංවිධානය කර තිබූ සම්මන්ත‍්‍රණයක් අමතමනි.

මෙහිදී නව සම සමාජ පක්ෂයෙන් තරග වදින වටරැක විජිත හිමියන් සඳහන් කර සිටියේ’ රාජපක්ෂ වරුන් නිර්මාණය කළ සිල්වත් මැර හමුදාව’  තමන්ට දිගින් දිගටම ප‍්‍රහාර එල්ල කරන බවයි.

Related posts

Comments are closed.

Top