ලාංකික ස්නයිපර් වෙඩික්කරුවකු මාලදිවයිනේදී අත්අඩංගුවට

snipper-small

ශ්‍රී ලංකා හමුදාවේ සේවය කළ ස්නයිපර් වෙඩික්කරුවකු මාලදිවයිනේදී අත්අඩංගුවට ගෙන ඇති බව මාලදිවයින් මාධ්‍ය වාර්තා කරයි.

එරට ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද සෝදිසියකදී ආයුධ ගබඩාවක් සොයාගෙන ඇති අතර, එහි ස්නයිපර් උණ්ඩද සහ තවත් ආයුධ තිබූ සඳහන්වේ.

මෙම වැටලීම සිදුකර ඇත්තේ එරට ජනාධිපති අබ්දුල් යමින් අබ්දුල් ගයුම් ඝාතන තැත සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළවයි.

පසුගියදා සොයාගත් මෙම ආයුධ තොගය මාලදිවයිනෙන් මෑතකදී විශාලම අවි තොගයද වන බවත් මෙම ආයුද තොගය අතර, රජයේ හමුදාවට අයත් තුවක්කු දෙකක්ද ඇති බවයි මාලදිවයින් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Related posts

Comments are closed.

Top