පරාජිත අපේක්ෂකයකුට ඊළඟ ඡන්දයේ යන්න වෙන්නේ ‘හොම්බෙන්’ රනිල්

Ranil in Kurunegala

ප්‍රධාන මැතිවරණයකින් පරාජය වූ අපේක්ෂකයකුට ඊළඟ ඡන්දයේ දී ‘හොම්බෙන් යන්න’ සිදුවීම ‘ලංකාවේ මැතිවරණ  මෝස්තරය’ බව අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරි ආණ්ඩුවක අගමැති වීමේ අපේක්ෂාවෙන් තරග වදින කුරුණෑගල දිස්ත්‍රික්කයේ  මාලිගාපිටිය ක්‍රීඩාංගනයේදී මැතිවරණ රැළියක් අමතමින් එක්සත් ජාතික පක්ෂ නායකයා තම මතය තහවුරු කිරීමට මෑත අතීතයෙන් අත්දැකීම් දෙකක් ගෙන හැර පෑවේය.

පසුගිය මැතිවරණ

1988 වසරේ දෙසැම්බර් මැතිවරණයේ දී සිරිමා බණ්ඩාරනායක ඡන්ද ලක්‍ෂ දෙහමාරකින් පරාජයට පත් වීමෙන් අනතුරුව මාර්තු මාසයේ පැවැති මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඡන්ද පදනම 32% දක්වා අඩු වූ බව රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.

“1994 මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්‍ෂය පැරදුණේ එක් මන්ත්‍රී ධූරයකින් පමණයි. නමුත් එම වසරේ නොවැම්බර් මාසයේ පැවැති ජනාධිපතිවරණයේ දී චන්ද්‍රිකා  බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජයග්‍රහණය කළ අතර එක්සත් ජාතික පක්‍ෂයට ජයග්‍රහණය කළ හැකි වූයේ මහියංගනය ආසනය පමණයි,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

Related posts

Comments are closed.

Top