දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි මන්නාරමේ විරෝධතා පාගමනක්

unnamed (2)

දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා මන්නාරම නගරයේදී විරෝධතා පා ගමනක් පවත්වා තිබේ.

මන්නාරම සෙබස්තියන් දේවාලය ඉදිරිපිටින් 10 අගහරුවාදා උදෑසන ආරම්භ කළ විරෝධතා පෙළපාලිය මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දක්වා පැමිණ ඇති අතර එහිදි  විරෝධතාවයේ නිරත වුවන්  විසින් ඉල්ලිම් කර ඇත්තේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට රජය වහාම පියවර ගත යුතු බවටයි.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ සිරගත කොට සිටින දේශපාලන සිරකරුවන් නොවැම්බර් මස 07 වැනි දින වන විට  නිදහස් කිරීමට පියවර ගන්නා බවට ජනාධිපතිවරයා විසින් ලබා දුන් පොරොන්දු කඩ කර ඇති බවටත් ඒ හේතුවෙන් දෙමළ ජනතාව රැවටීමකට ලක් කර ඇති බවටත් මෙම විරෝධතාවය සදහා එක්ව සිටි දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් සහ අතුරුදහන්වුවන්ගේ පවුල් වල ඥාතින් පවසා ඇත.

unnamed (3)

මන්නාරම පුරවැසි කමිටුවේ මෙහෙයවීමෙන් පැවති මෙම විරෝධතාවය සදහා දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන සෙල්වම් අඩෙයික්කලනාදන්, ඉරුදයනාදන් චාල්ස් නිර්මලනාදන් , උතුරු පළාත් සභා අමාත්‍ය පී. ඩෙනිෂ්වරන් සහ පළාත් සභා මන්ත්‍රි ජී.ගුනසීලන් ද සහභාගී වී ඇත.

 

Related posts

Comments are closed.

Top