ආණ්ඩුව ‘ජාත්‍යන්තරය හා එක්ව කටයුතු කිරීමේ සුදානම පළ කරනවා ‘ – VIDEO

download

 

ශ්‍රී ලංකාවේ සිදුවු අතුරුදහන් වීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥ මණ්ඩලයක් මෙරටට පැමිණ සිටිම රජය ජාත්‍යන්තරය සමග කටයුතු කිරීමට සුදානම් බව පෙන්නුම් කරන හොද ලක්ෂණයක් බව අතුරුදහන්වුවන්ගේ පවුල් එකමුතුවේ කැදවුම්කරු පවසයි.

නීතිඥ බ්‍රිටෝ ප්‍රනාන්දු මෙසේ ප්‍රකාශ කළේ  අතුරුදහන්විම් සම්බන්ධයෙන් සොයා බැලීම සදහා මෙරටට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥ මණ්ඩලය සමග අතුරුදහන්වුවන්ගේ පවුල් වල සාමාජිකයන් කොළඔ පිහිටි එක්සත් ජාතින්ගේ සංවිධාන කාර්යාලයේ දෙවැනි දිනයේත් පැවති සාකච්ඡා නිම කර එම පිටතට පැමිණෙන තෙක් එක්සත් ජාතීන්ගේ කොළඔ කාර්යාලය අසල රැඳී  සිටි මාධ්‍යවේදීන් ඇසූ  ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

 

විශේෂඥ මණ්ඩලය මෙරට රැඳී  සිටින කාලය තුළ එම පිරිස් අතුරුදහන්වීම් සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කිරීම සදහා යෑමට නියමිත ස්ථාන සම්බන්ධයෙන් තමන් දැනුවත් නොමැති බව පැවසු මානම හිමිකම් ක්‍රියාකාරී බ්‍රිටෝ ප්‍රනාන්දු පවසා සිටියේ අද දිනයේ පැවති සාකච්ඡා සඳහා හලාවත, ගම්පහ සහ හම්බන්තොට ප්‍රදේශවලින් අතුරුදහන්වුවන්ගේ පවුල් වල ඥාතීන් සහභාගී වී ඇති බවයි.

අද පැවති සාකච්ඡා සදහා අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩද සහභාගී වී සිටි අතර සිදුවු සාකච්ඡා සම්බන්ධයෙන් මාධ්‍යයට තොරතුරු හෙළි කිරීම  ප්‍රතික්ෂේප කරමින් ඇය පවසා සිටියේ එය රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවක් බැවින් ඒ සම්බන්ධයෙන් තොරතුරු මාධ්‍යයට අනාවරණය නොකරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටි බවයි.

අතුරුදහන්  තම සමීපතමයන්  පිලිබඳ තොරතුරු එක රැස් කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥ මණ්ඩලය තමන්ට යුක්තිය ඉටු කිරීම සඳහා මැදිහත් වනු ඇතැයි විශ්වාසයෙන් කොළඹ පැමිණි බව ඥාතීහු මාධ්‍යවේදීන් පැවසුහ.

 

Related posts

Comments are closed.

Top