ජනපති- හිටපු ජනපති ප්‍රංශ ජනපතිට සොව පළ කරති

mahinda-maithri

‘ත්‍රස්‌තවාදයෙන් කාලයක්‌ තිස්‌සේ දැඩි පීඩා විඳි රටක්‌ ලෙස ශ්‍රී ලංකාව පැරිසියට එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්‌ත ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව’ ජනපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රංශ ජනපති ෆෙන්කුවා හෝලන්ඩේ වෙත ලිපියක්‌ යවමින් ප්‍රකාශ කර සිටී.

එසේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද ප්‍රංශ ජනාධිපතිවරයාට සහ රට වැසියන්ට ශෝකය ප්‍රකාශ කර ඇත .

වත්මන් සහ හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ‘ත්‍රස්‌තවාදි සහ අන්තවාදී ව්‍යසනයන්’ දුරලීමට ජාත්‍යන්තර ප්‍රජාව එක්‌ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවයි.

Related posts

Comments are closed.

Top