නවසීලන්තයට යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට උදාර ජයසුන්දර කැඳවයි

udara

දෙසැම්බර් 3 වැනිදා සිට ජනවාරි 10 වැනිදා දක්වා නවසීලන්තයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් , එක්දින හා විස්සයි -20 ක්‍රිකට් තරගාවලි සඳහා සහභාගි වන සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත්කළේය.

ටෙස්ට් තරගාවලිය සඳහා මෙතෙක් ශ්‍රී ලංකා වරම් නොලද උදාර ජයසුන්දර ටෙස්ට් සංචිතයේ 15 දෙනාට එක් කර තිබේ.

එසේම විස්සයි -20 තරග පමණක් ක්‍රීඩා කළ වැන්ඩර්සේ මෙවර සංචිත 3ටම නම්කර ඇති අතර ළහිරු තිරිමාන්න හා කෞෂාල් සිල්වා ටෙස්ට් සංචිතයෙන් ඉවත් කොට එක්දින පිලට පමණක් උපනායකයා ලෙස තිරිමාන්න නම්කර ඇත.

ටෙස්ට් සංචිතය – ඇන්ජලෝ මැතිව්ස් (නායක), කුසල් මෙන්ඩිස්, උදාර ජයසුන්දර, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත්, මිලින්ද සිරිවර්ධන, කිතුරුවන් විතානගේ, දිමුත් කරුණාරත්න, ධම්මික ප්‍රසාද්, නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, ජෙෆ්රි වැන්ඩර්සේ.

එක්දින සංචිතය – ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න (උපනායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් ජනිත්, දිනේෂ් චන්දිමාල්, මිලින්ද සිරිවර්ධන, ධනුෂ්ක ගුණතිලක, සචිත්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස්, ධම්මික ප්‍රසාද්, ලසිත් මාලිංග, නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, චාමර කපුගෙදර, ජෙෆ්රි වැන්ඩර්සේ

විස්සයි -20 සංචිතය – ලසිත් මාලිංග (නායක), කුසල් ජනිත්, ශෙහාන් ජයසූරිය, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, මිලින්ද සිරිවර්ධන, චාමර කපුගෙදර, කිතුරුවන් විතානගේ, තිලකරත්න ඩිල්ෂාන්, නුවන් කුලසේකර, දුෂ්මන්ත චමීර, තිසර පෙරේරා, ජෙෆ්රි වැන්ඩර්සේ, සචිත්‍ර සේනානායක, ඉසුරු උදාන.

Related posts

Comments are closed.

Top