සමන්තා පවර් පැමිණ සිටින්නේ ‘ෆෙඩරල් රාජ්‍ය සැලසුමකට’|VIDEO

New Picture

ශ්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් බවට පත් කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි සමන්තා පවර් දිවයිනට පැමිණ සිටින්නී යැයි පිවිතුරු හෙළ උරුමය පවසයි.

එම සංවිධානයේ මහ ලේකම් උදය ගම්මන්පිල 23 සඳුදා කොළඹදී මාධ්‍යවේදීන් අමතා කියා සිටියේ ජනවාර්ගික ගැටුම් වලට මැදිවී සිටින තුන්වැනි ලෝකයේ රටවල් ෆෙඩරල් බලය බෙදීමක් සඳහා යොමු කිරීමට එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිලිබඳ අංශය වැඩ සටහනක් දියත් කර ඇති බවයි.

2012 දී දියත් කරන ලද එම වැඩ සටහනේ නිර්මාතෘවරිය තානාපතිනි පවර් යැයි පැවසූ මහ ලේකම් ගම්මන්පිල එහි මීළඟ ඉලක්කය ශ්‍රී ලංකාව බව පවසයි.

ඇමරිකා එක්සත් ජනපදය ඉරාකය සහ නේපාලයේ සාර්ථක ලෙස ෆෙඩරල් ක්‍රමය ක්‍රියාත්මක කර ඇති බව ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

රටේ ප්‍රධාන විපක්ෂය ඇතුළු උතුරේ සියලුම දෙමළ දේශපාලන පක්ෂ ඉකුත් මැතිවරණයේදී ෆෙඩරල් පන්නයේ බලය බෙදීමක් වෙනුවෙන් ඡන්දය ඉල්ලූ අතර ශ්‍රී ලංකාවේ රජය සහ දෙමළ විමුක්ති කොටි සංවිධානය අතර සාම සාකච්ඡා වලදී එක්සත් රටක් තුල ෆෙඩරල් පන්නයේ බලය විමධ්‍ය ගත කිරීම පදනම් කොටගත් දේශපාලන විසඳුමක් පිළිබඳව සොයා බැලීමට ද දෙපාර්ශවයම එකඟ විය.

Related posts

Comments are closed.

Top